රනිල් හැර වෙන කෙනෙක් නෑ. වෙන කෙනෙක් ජනාධිපති වුණොත් නිශ්චිතවම ආර්ථිකය කඩාගෙන වැටෙනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට රටේ ආර්ථිකය ස්ථාවර කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අයෙකු රටේ ජනාධිපති ධුරයට ඉදිරියේදී පත් වුවහොත් නිශ්චිතවම මේ සියල්ල කඩා වැටෙන බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
සොබාදහම සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටිනවා - සාගල
අනාගත පරපුරට යහපත් පෘථිවි තලයක් ඉතිරි කිරීම පෙරදැරිව සොබාදහම සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද රාත්‍රීයේ වීදි සංචාරයේ
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද (13) රාත්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතයි.
අගෝස්තු 20 වැනිදා දක්වා මත්පැන් අලෙවි සැල් වසා තැබීමට පියවර
අගෝස්තු මස 20 වැනි දින දක්වා මහනුවර මත්පැන් අලෙවි සැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මේ අතර, අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
රනිල් ගේ මංගල රැළියට සියල්ල සුදානම් - සහාය පළකිරීමට පාර්ශව රැසකුත්
රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පළපුරුද්ද සහ ජාත්‍යන්තර සම්බන්ධතා සහ වැඩපිළිවෙළක් තිබුණ නිසා මේ රට ගොඩගන්නට පුළුවන් වුණේ යැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක හෝමාගමදී මහතා ඊයේ (12) පැවසීය.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතව තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද (13) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.