මඩකලපුවේ ඩෙංගු උණ සීඝ්‍රයෙන් පැතිරයයි

Published in පුවත්
Wednesday, 21 January 2026 20:14

ගංවතුර හා මෝසම් වර්ෂාවෙන් පසු මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු උණ සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බව මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් හඳුනාගැනීමෙන් පසු සෞඛ්‍ය සේවා නිලධාරීන් ප්‍රදේශයේ වැටලීම් රැසක් මේ වනවිට සිදුකර ඇත.

නිවාස 400කට වැඩි ගණනක් ද මේ වනවිට පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී එම ප්‍රදේශයේ සිනමා ශාලාවකින් ඩෙංගු කීටයන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදාළ චිත්‍රපට ශාලාවට එරෙහිව නඩුවක් පවරා ඇත.

මේ අතර ඩෙංගු උණ පැතිරීමේ ප්‍රවණතාවක් ඇති නිවාස හිමිකරුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බොහෝ ස්ථානවල නඩු පවරා රතු අනතුරු ඇඟවීමේ පත්‍රිකා ඇලවීමට ද කටයුතු කළ බව මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us