මෙම වසරේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාව තුළ එච්. අයි. වී ඒඩ්ස් වයිරසය ශරීර ගතවූවන් 3240 ක් පමණ සිටින බවට ඇස්‌තමේන්තු කර තිබුණු අතර ඔවුනගෙන් මෙතෙක් හඳුනාගෙන ඇත්තේ 1732 ක් වැනි සංඛ්‍යාවක් පමණක් බව ශ්‍රී ලංකාවේ සිටින එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහනෙහි (යුඑන්ඒඩ්ස්) නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග මහතා පවසයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් රැසක් අස්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.මේ පිළිබඳ අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ තමන් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවට පවා අස්සන් නොකළ බවයි.
පසුගිය ආණ්ඩුව මගින් අයථා ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතරින් ධාවනයට එකතු කළ බස්රථ සියල්ල උසාවි නියෝගයකින් ඉවත් කර තිබේ.
තලෙයිමන්නාරම් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු සහ බෝට්ටු 3ක් ඊයේ (01) සවස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම් ධීවර පරික්‍ෂක කාර්යාලය පවසයි.
යුක්රේන කැරලිකරුවන් සමඟ හොර අවි ජාවාරමක නිරතව සිටි බවට චෝදනා ලද හිටපු රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඩුබායිහි මැරියට් හෝටලයේ රැඳී සිටිනු දැක ඇති බව ඔහු පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායම් පවසයි. මෙරට ගුවන් හමුදාවට මිග් 27 යානා 4 මිළ දී ගැනීමේ තැරැව්කරුවා ලෙස පෙනීසිටිමින් බ්‍රිතාන්‍යයේ ලිපිනයක් සහිත ව්‍යාජ සමාගමක්(Bellimissa Holdings Ltd 2nd Floor, 145-157 St John Street, London. ) ඉදිරිපත් කර මිලියන් ගණනක කොමිස් මුදලක් උපයා ගැනීමට උත්සහ කිරීම ඔහුට විරුද්ධව ඇති අනෙක් චෝදනාවයි.
මෙම දිනවල බෝවන ඇස් රෝගයක් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පැතිර යන බව අක්‍ෂි වෛද්‍යවරු පවසති.මෙය"වයිරල් කන්ජක්‌ටිවයිටිස්" නමැති වයිරසයක් මාර්ගයෙන් බෝවීම සිදුවේ.
වත්මන් අාණ්ඩුවත් නීති නොසලකා හැර හිතමිතුරන්ට සලකනවා-ජවිපෙ
ලංකාවට පැරණි වාහන ගෙන්වීමේදී ආනයන අපනයන පාලනයේ විශේෂ අවසරයක් ගත යුතු බවට මෙම නීතියක් පැවතුනද මේ වන විට නීතිය නොසලකා හරිමින් පැරණි වාහන ගෙන්වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
යහපාලන ආණ්ඩුවත් ජනතාවට එරෙහි මර්දනය දියත් කරයි - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යය බලමණ්ඩලය සහ මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍යය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‘‘දින 100 යේ ශිෂ්‍යය මර්දනය’’ නමැති කෘතිය 2015-06-01 වන දින කොළඹ මරදාන ඞීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී ජනගත කෙරිණ.