මේ වන විට දේශපාලනිකව බංකොලොත් වී සිටින රාජපක්ෂවරු තමන්ට අභියෝගයක්ව තිබෙන එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ දැවැන්ත උත්සාහයක නිරතව සිටී. මේ වන විට සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරමින් එජාපයේ කණ්ඩායම් අතර බරපතල අර්බුධයක් ඇති බවට ව්‍යාජ පුවත් බෙදාහැරීමෙහි යෙදී සිටී.

මෙරට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ඇමරිකානු ඩෝලර් 53,455 ක් මෙරටින් පිට කිරීමට ගොස් රේගු අත් අඩංගුවට ගත් ඩෝලර් 53,455 නිදහස් කිරීමට මහින්ද රාජපක්ෂ කටයුතු කළ බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පිළිගෙන තිබේ.

මෙරට ආගමන විගමන නීති වලට පටහැනිව මෙරටින් රහසිගතව ගෙන යෑමට සූදානම් වූ අමරිකානු ඩෝලර් 53,000 ක මුදලක් පසුගිය මාසයේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදි.

වත්මන් ජනාධිපති සිරිසේන බලයට පත් වීමෙන් පසුව විධායක ජනාධිපතිධුරයේ බලතල අවම කිරීම වෙනුවෙන් ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙ‍ටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව යළි අභියෝගයට ලක් වීමේ හැකියාවක් ඇති බව නීති ක්ෂත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.

මුදල් අමාත්‍යංශය විසින් කෘෂිකාර්මික අංශය සදහා බදු සහන වැඩසටහනක් නොබෝදා නිවේදනය කරන ලදී. නමුත් මෙම ඉදිරිපත් කර ඇති සහන මගින් එම කර්මාන්තයට ඇති කිසිදු බලපෑමක් නැත.

ලබන 30 වන සිකුරාදා  හොර අගමැතිගේ වැය ශීර්ෂය කපා හැරීම සඳහා කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේනතු ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය. එමෙන්ම මීට සමාන්තරව හොර ඇමැති මණ්ඩලයේ වැය් ශීර්ෂයන් කපා හැරීමේ යෝජනාවකද ඡන්ද විමසීමට ලක් කිරීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ අගමැතිධූරය දැරූ 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා කාලය තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත් එමඟින් ඔවුන්ගේ තවත් වංචා, දූෂණ සහ අක්‍රමිකතා රැසක් රටට අනාවරණය වනු ඇති බවත් ජනාධිපති සිරිසේන ඊයේ (25) විදෙස් මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ජාවේදී පැවසීය.

ජනාධිපතිවරයාව බලයෙන් පහ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගෙන ඒමට හැකි දෝෂාභියෝග යෝජනාව සඳහා සියලු කරුණු සම්පුර්ණ වී ඇත.ශාරීරික හෝ මානසික දුබලතාවය , ආණ්ඩුක්රම ව්යවස්ථාව සාපරාධීලෙස උල්ලංඝණය කිරීම ,රාජ්‍ය ද්‍රෝහී වීම,අල්ලස් ගැනීම,අනාචාරය,රාජ්‍ය බලය අනිසි ලෙස භාවිතය චරිත දුෂණය පිලිබඳ වරදකරුවෙක් වීම නීතිය මගින් වරදකරුවෙක් වීම.. ජනපතිට එරෙහි දෝශාභියොගයක් සඳහා පදනම් කර ගත හැකි කරුණු වේ. මින් බොහොමයකට අදාලව අවශ්‍ය කරුණු සම්පූර්ණ වී තිබේ.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us