බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබිම හේතුවෙන් තවත් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න සදහන් කරනවා.

රුවන්ඩාවෙන් පැමිණි විශේෂ කණ්ඩායම සිදුකරනු ලබන්නේ තාක්ෂණික සහයක් ලබාදීම පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට "වාරි සෞභාග්‍යයා" වැඩසටහන තුළින් පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් 200 කට අධික සංඛ්‍යාවක් සංවර්ධනය කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සදහන් කර ඇත. අමාත්‍යවරයා මේ බව සදහන් කරේ පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් සංවර්ධනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී කොකේන් මිලිග‍්‍රෑම් 770 ක් සහ අයිස් මිලිග‍්‍රෑම් 550 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 1900කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා.

කොවිඞ් රෝගීන්ට ලබන සතියේ සිට නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ප‍්‍රතිකාර කිරීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බව දේශීය වෙදකම්, ප‍්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නියමය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

කොවිඩ් 19 වයිරස පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත උදා වූ නව වසරේ මුල් භාගයේදී මෙරට ජනගහනයෙන් 20%කට දෙන බවට එම සංවිධානය සහතික කළේ යැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us