කොවිඩ් එන්නත ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Tuesday, 05 January 2021 12:08

COVAX පහසුකම හරහා එන්නත් ලබා දීමේදී COVID-19 එන්නත් නිෂ්පාදකයින් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව රජය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනවා දී ඇති COVAX පහසුකම සහ එන්නත් හා ප්‍රතිශක්තිකරණය සඳහා වන ගෝලීය සන්ධානය (GAVI) සමඟ ශ්‍රී ලංකාව දැනටමත් එක්වී ඇත.එන්නත් පහසුකම ලබා ගැනීම සඳහා අදියර දෙකක් යටතේ එන්නත් ඉල්ලීම් අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස රටවල්වලට දන්වා තිබූ අතර පළමු අදියර වන A කොටස සඳහා ඉලක්කගත කණ්ඩායම, ගබඩා ධාරිතාව සහ තාක්ෂණික තොරතුරු ඇතුළත් තොරතුරු 2020 දෙසැම්බර් 07 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතුව තිබුණි. ඒ අනුව එම තොරතුරු රජය විසින් ඉදිරිපත් කර ඇත.එන්නත් ලබා ගැනීම සහ වන්දි ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් වන එහි දෙවන කොටස (බී) ජනවාරි 08 දිනට පෙර ඉදිරිපත් කළ යුතුයව තිබේ. එම ඉල්ලුම්පත්‍රයේ බී කොටස වෙනුවෙන් නීතිපති විසින් සකස් කරන ලද පත්‍රිකාව සහිත යෝජනාව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර ඊට අනුමැතිය හිමි වී ඇත.ලෝකය පුරා COVID 19 සඳහා වන එන්නත් නිෂ්පාදනය හා එය වේගවත් කරමින් සිටින අතර COVAX පහසුකම හරහා COVID 19 එන්නත් ලබා ගැනීමට ලෝකයේ සෑම රටකටම අවස්ථාව ලැබිය විය හැකි බව රජය පවසයි.

Last modified on Tuesday, 05 January 2021 12:36

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us