ආරණ්‍ය සේනාසනාධිපති ඝාතනය සාමණේර හිමි අපයෝජනට දුන් දඩුවමක්ද?

Published in පුවත්
Tuesday, 05 January 2021 11:47

සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගිය හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කර කොටදෙණියාව නාවාන සොහොන් පිටියේදී පුළුස්සා දමා තිබියදී ඊයේ (4 දා) සවස පොලිසියට සිරුර හමුවී ඇත.

උන්වහන්සේගේ සිරුර පෙට‍්‍රල් දමා මළ සිරුරක් වළදමා තිබූ ස්ථානයක පුළුස්සා දමා තිබියදී පොලිසිය විසින් සිරුර සොයාගනු ලැබීය. මෙය උන්වහන්සේගේ මළ සිරුර බව හඳුනාගෙන ඇත්තේ පිළිස්සී ගිය සිරුරේ තිබූ සිවුරු කොටසකිනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සහ හංවැල්ල පොලිසිය සැකපිට පුද්ගලයන් දෙදෙනකු පොලිස් භාරයේ රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යයි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු ඊයේ (4 දා) පෙරවරුවේ හංවැල්ල පොලිසියට භාරවී තිබුණි. කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ සාමණේර භික්‍ෂුවක් සහ උඩුවිල ධම්මසිරි හිමියන් අතර ආරවුලක් පැවැති බවත් එම ආරවුලේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇති බවත් පොලිසිය සැක පහළ කරයි.
පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට ධම්මසිරි හිමියන් සන්නද්ධ කණ්ඩායම විසින් පැහැරගෙන ගොස් තිබුණේ පෙරේදා (3 දා) රාති‍්‍ර 11.30 ට පමණය.
වෑන් රථයකින් පැමිණි දස දෙනෙකුගෙන් පමණ සමන්විත වූ සන්නද්ධ පිරිසක් ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ ධම්මසිරි හිමියන්ට අමානුෂික ලෙස පහරදී පැහැරගෙන ගොස් ඇතැයි වාර්තාවේ.
මෙම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේ ආරණ්‍ය සේනාසනයේ ගිහි පුද්ගලයන් දෙදෙනකුද සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැත.
පොලිසිය මෙතෙක් සිදු කළ විමර්ශනවලට අනුව මෙම සිද්ධියට හේතුවී ඇත්තේ ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ පහළොස් හැවිරිදි වියේ පසුවූ සාමණේර හිමිනමකි.
හොරණ ප‍්‍රදේශයෙන් පැවිදි බිමට පැමිණි මෙම සාමණේර හිමිනම මෙම ආරණ්‍ය සේනාසනයේ වසර කිහිපයක් තිස්සේ වැඩ වාසය කරයි.
මෙම සාමණේර හිමිනම ආරණ්‍ය සේනාසනයේදී නිතර ලිංගික අපයෝජනයට ලක්වූ බව විමර්ශනවලින් හෙළිවී ඇත. සාමණේර හිමි නම මෙම සිදුවීම් ඡායාරූප සහ වීඩියෝ ගත කර තම මවට ලබාදීමට කටයුතු කර තිබිණි. තම දරුවාට අත්වන අතවරයන් ගැන දැඩි ලෙස කෝපයට පත්වූ මව කිසියම් පිරිසක් වෙත ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මත ධම්මසිරි හිමියන් පැහැර ගන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වෙත භාරවී ඇත්තේ සාමණේර හිමි නමගේ පියා බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලිසිය පවසන්නේ සාමණේර හිමිනමගේ පියා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් වීමක් නොමැති බවය. එහෙත් සාමණේර හිමියන්ගේ මව ධම්මසිරි හිමියන් පැහැරගත් සන්නද්ධ පිරිස සමග ආරණ්‍ය සේනාසනයට පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
මේ වන විට සාමණේර හිමිනමගේ මව ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන ආරම්භ කර තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us