ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධයවේදියකුව සිටි යදී පැහරගෙන යාමට ලක්වූ ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පළමු වරට ආරක්ෂක අංශ මඟින් පැහැර ගෙන ගොස් අදට හරියටම අවුරුදු 6ක් වෙයි.

කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශෙෂ පණිවිඩයක් යවමින් තමාට හා තම පවුලේ ඥාතීන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් යම් සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉල්ලා ඇත.

මේවන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සහ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි සහ අමරිකානු තානාපති අතුල් කෂප් යන මහත්ම මහත්මින්ව, අතුරුදන් කරවූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද දින මුණ ගැහුණාය.

සම්මුතික අණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය හෙට දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ සොයුරන්ගේ පියා වූ අභාවප්‍රාප්ත ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ එම මැතිනියගේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා වීරකැටිය යෝජනා ක්‍රමය නමින් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් යොදවා ඇති රුපියල් කෝටි හයක පමණ මුදල ආපසු ගෙවීමට ඩී.ඒ. රාජපක්ෂ පදනම ඉදිරිපත් වී තිබේ.

අභිරහස් ලෙස අතුරුදන්ව සිටි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සැලසුම් සහගත ලෙස පැහැර ගැනීමකට ලක්ව ඉන් අනතුරුව ඝාතනයට ලක්වී ඇතැයි සැක කළ හැකි තොරතුරු රැසක් හෙළිකර ගැනීමට රහස් පොලිසියට හැකි වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ නායකයන් එජාපය හා වන සම්මුති ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිකම් බලාපොරොත්තුවෙන් සිටියද ඒ නොලැබී යන තත්වයන් හමුවේ ඔවුන් බරපතල අර්බූදයකට මුහුණා පා සිටින බව වාර්තාවේ.

ජාතික හෙල උරුමය නමින් මීට පෙර තිබූ පක්ෂය නම වෙනස් කිරීමෙන් පසුවද නැවත කුඩා කණ්ඩායම් වලට බෙදී වෙන්වී ඇති බව වාර්තාවේ. මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දීමට ආසන්නව තිබියදී හෙළ උරුමය සිය නාමය 'යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ' ලෙස නම වෙනස් කළේය.

ld add copy

Connet With Us