හෙට (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙතෙක් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය නොවන කුඩා පක්ෂ ගණනාවක් 'ද්විපාර්ශවීය' ගිවිසුම් ගතවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙසෙන කොළඹ විජේරාම නිවසේදී සිදු කිරීමට නියමිතය. එහෙත් ඒ සම්බන්ධයේ ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව කටයුතු කළ පැරණි පක්ෂ විරෝධය පළකර තිබේ.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කර ඇති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීම ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති කසල කන්ටේනර් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් රාජ්‍ය අදායමට, රුපියල් බිලියන 50 ක් අහිමිව ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කරයි.

ගොඩනැගෙන වරාය නගරය කොළඹ දිස්ත‍්‍රික්කයේ කොටසක් හැටියට ඉදිරි කාලයේදී නීත්‍යානුකූලව පවත්වාගෙන යෑම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කළ ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරිණි.

බෞද්ධාගමට අපහාසයක් වන අන්දමේ කෙටිකතාවක් ලියා පළකලේයැයි කියමින් ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව පොල්ගහවෙල පොලීසිය විසින් ගොණුකොට ඇති නඩුව අද දිනයේද පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙළුම් ප්‍රියදර්ශනී මැතිනිය ඉදිරිපිට කැදවන ලදී.

අද (22) සවස අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩයම් රැස් වීමේදී එජාප ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස බවට සාතිශය බහුතරය විසින් දැඩි තීන්දුවක් ගත්තේය.

රාජිත සේනාරත්න ඇමැතිවරයා සිය දේශපාලන ඉතිහාසය පුරා පෙනී සිටියේ ජාතිවාදයට එරෙහි ආගම්වාදයට එරෙහි වාමාංශික දියුණු මත දරණ දේශපාලකයකු වශයෙනි. එහෙත් ඔහුගේ ඇත්ත මුහුණුවර ඊට හාත්පසින්ම වෙනස් බවත්, මෙතුවක් කල් දේශපාලනයේදී පෙන්වා තිබෙන්නෙ ව්‍යාජ මුහුණක් බවත් දැන් හෙළිදරව් වී තිබේ.

ld add copy

Connet With Us