එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට ඉදිරිපත්ව ඇති මානව හිමිකම් හා වගවීම් පිළිබඳ විමර්ශන හා වාර්තාවලදී ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව ඉන්දියාවේ එන්ඩීටීවී, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) ඇතුළු පුවත් සේවා රැසක් වාර්තා කරනවා.

තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.

යුද හමුදා රථයක් බවට හැඟවෙන ආකාරයෙන් සකස්කරන ලද වෑන් රථයක තිබී හොරෙයින් කිලෝ 45යි ග්‍රෑම් 376ක ප්‍රමාණයක් අද (25) උදෑසන පොලිසිය විසින් සොයා ගැනුණා.

ඇමෙරිකාවේ එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන කොරෝනා එන්නත ක්‍රියාකාරී සහ සුරක්ෂිත එන්නතක් බවට අමෙරිකානු ඖෂධ නියාමනය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙනවිත් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.ප්‍රකාශ කර තිබේ.
ඔහු පවසන්නේ ඒ මගින් බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කරගත හැකි බවය.

රේගුවේ කටයුතු විධිමත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කර තිබේ. රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිසමට පැවරෙන වගකීම බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේන්නේ.

කොවිඩ් මරණ භූමිදානය පිලිබදව ජනාධිපතිවරයා හා අගමැතිවරයාගෙන් ධනාත්මක පිළිතුරක් ලැබුණු බව පාකිස්තාන අගමැතිවරයා පාර්ලිමේන්තු මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී තිබේ.

මුතුරාජවෙල තෙත්බිම් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන සංවර්ධනය කිරීම සදහා රජය තීරණය කර තිබේනවා.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us