විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාව අද කැබිනට් අනුමැතියට
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ පවතින මැතිවරණ ක්‍රමය අහෝසි කිරීමට අද (18දා) පැවැත්වෙන කැබිනට් මණ්‌ඩල රැස්‌වීමට තමා විශේෂ කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17 දා) පැවැසීය.
ජිනීවා යෝජනාවලට අදාළව ගනු ලබන සියලු ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුකරන බව ජනාධිපතිතුමා පවසයි.
මෛත්‍රීගේ ආණ්ඩුවේ ඊනියා ප්රජාතන්ත්රවාදයේ නිරුවත පෙනේ!
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සහෝදරයාට ලංකාවේ ජීවත් වීමට සහ දේශපාලන කටයුතු වල නිරත වීමට ඇති අයිතිය ලබා නොදීමට පමණක් නොව එම අයිතිය ඉල්ලා සිටින්නන්ට එරෙහිව මර්ධනය දියත් කිරීමටද වත්මන් හවුල් ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
රාජිත, සයුරුව බිල්ලට දි සුදනා වෙන්න හදයි, ඉල්ලා අස්වී වගකීම බාරගන්නා ලෙස බලපෑම්
ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ලබා ගත් රාජිත සේනාරත්න මහතා ඒ වෙනුවෙන් මැදිහත් වූ ඔහුගේ සමීපතම මිතුරා වූ සයුරු සමරසුන්දර මහතාට ඔහු මේවන විට සභාපතිත්වය දරන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිධුරයෙන් වහාම ඉල්ලා අස් වී අල්ලස් ලබා ගත්තේ තමුන් බවට ප්‍රකාශයක් කරන ලෙස විදේශ රටක සිට දුරකතනයෙන් බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.
ඇවන්ගාඩ් ගෙන් අල්ලස් ගත්තු රාජිත රටින් පනී ! අල්ලස් කොමිසමට පැමිණිල්ලකුත් (හඬපටය)
ඇවන් ගාඩ් ව්‍යාපාරයෙන් දිගින් දිගටම අල්ලස් ගෙන ඒ පසුව නොලැබී යාමෙන් ඇවන්ගාඩ් ව්‍යාපාරය නීති විරෝධී බවත් හොර ව්‍යාපාරයක් බවත්. විවිධ ඇමැතිවරුන් අල්ලස් ගෙන තිබෙන බවත් තමාටත් අල්ලස් දීමට පැමිණි බවටත් බොරු බේගල් සමාජය හමුවේ අත හරිමින් සිටි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අද දින අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කිරීම සඳහා එකාබද්ධ විපක්ෂය සූදානම් වේ.
මෛත්‍රී සන්ධානයෙන් ඉවත්විය යුතුයි - උදය ගම්මන්පිල
සන්ධානයට ආදරයක් ඇති නම් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ එහි නායකත්වයෙන් අස්වන ලෙස යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
මේවන රිමාන්ඩ් බාරයේ පසුවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතාට මෙරට පුරවැසි භාවය ලබා ගැනීම සම්බන්ධයෙන් තීන්දුව ගත යුත්තේ ජනාධිපතිවරය විසින් බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. එම දෙපාර්තමේන්තුවට කළ හැකිවන්නේ මෙරට නීතිය අනුව ඔහු නැවත ඕස්ට්‍රෙලියාවට යැවීම පමණක් බවත් ඉන් පසුව ඔහුට මෙරට ද්විත්ව පුරවැසි බාවය ඉල්ලුම් කළ හැකි බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.