පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහාරාන් හෂීම්ගේ කණ්ඩායම සමග සෘජු සහ වක්‍ර සබඳතා පැවැත්වූ බව කියන 10 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේන බව වාර්තා වෙනවා.

වතු සේවක අවම වැටුප රුපියල් 1000 ගෙවීම අප්‍රේල් මස සිට ක්‍රියාත්මක විය යුතු බව වැවිලි අමාත්‍ය රමේෂ පතිරණ මහතා සඳහන් කර තිබේ.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල විකල්ප ක්‍රමවේද ඔස්සේ අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

කෘෂිකර්මාන්තයේ වී, සහල්, බීජ, පොහොර සහ එළවළු මාෆියා පහක් ක්‍රියාත්මක වන බවත් එම මාෆියා නතර කිරීම සඳහා රජය පුළුල් වැඩපිළිවෙළක් අරඹා තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබෙනවා.

ගලේවෙල ප්‍රදේශයේ සාර්ථක පැෂන් වගාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ඊයේ දින නිරීක්ෂණය කිරීමට එක වී තිබේ.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කර තිබෙනවා.

ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන රුපියල් දහසේ සහන මල්ල ඇතුළු තවත් භාණ්ඩ 27ක මිල පහළ දැමීමත් සමග සතොස දෛනික ආදායම රුපියල් කෝටි 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි කොළඹ නගරයේ පැල්පත්වාසීන් වෙනුවෙන් අංග සම්පුර්ණ නිවාස 40, 000ක් ඉදිකිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මගින් මැද කොළඹින් ආරම්භ කෙරේ.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us