හිරුණිකාට වරෙන්තු

Published in පුවත්
Monday, 10 February 2025 10:48

2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකාරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

ඉදිරි දින කිහිපයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

පන්තියක සිසුන් සංඛ්‍යාව තිස්පහ දක්වා අඩු කිරීමට කර ඇති යෝජනාව සලකා බලන බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට දැනුම් දී තිබේ.

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක් අද (10) නානුඔය සිට බදුල්ල දුම්රිය ස්ථානය තෙක් ආරම්භ වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය සඟ වන සම්මුඛ සාකච්ඡාවක්ට සහභාගී වීමත් අරමුණු කරගෙනය. ඒ අනුව මෙම සාකච්ඡාව මේ වන විට සිදු කර අවසන්ය. අල් ජසීරා හී හෙඩ්-ටු-හෙඩ් (Head-to-Head) සම්මුඛ සාකච්ඡා වැඩසටහන , දැඩි ගෝලීය ගැටළු විසඳීම සහ මහජන නියෝජිතයන්ගේ වගවීම පිළිබඳ සෘජු ප්‍රශ්න කිරීම් සඳහා ප්‍රසිද්ධය.

ld add copy

Connet With Us