අද රාත්‍රී 7.00 ට ආරම්භ වන මෙම තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බැවින්, රථවාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ රථවාහන කොට්ඨාසය විසින් මෙම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක කරනු ලබන රථවාහන සැලැස්ම පහතින්
පහත මාර්ගයන්හි අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කරනු ලබනවා.
වින්සන් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර), බ්‍රීටෝ බබාපුල්ලේ පාලම පෙදෙස හන්දියෙන් බබාපුල්ලේ දෙසට ඇතුල්වීම.
බබාපුල්ලේ පාලම අසලින් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම.
සෙබස්තියන් ඇල පාර මැල්වත්ත පාලම අසලින් ක්‍රීඩංගනය දෙසට ඇතුළු වීම.
අඩි 100 පාර, පන්සල පාර හන්දියෙන් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම.
මාළිගාවත්ත පටුමග, ක්‍රීඩාංගනය අසලින් අතුරු මාර්ගයෙන් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම.
සද්ධම මාවත පන්සල් පාර (ඛෙත්තාරාම පාර) හන්දියෙන් පන්සල පාරට ඇතුළු වීම.
රථවාහන ගාල් කිරීම.
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය වටා ඇති රථගාල් වලට අමතරව ග්‍රෑන්ඩ්පාස් මැටිපාක් රථගාල, සතොස රථගාල, සෙබස්තියන් ඇල රථගාල, කෝවිල පාර, ඇපල් වත්ත, අඩි 100 පාර දෙපස රථගාල් කිරීමට පහසුකම් සපයා තිබෙනවා .
ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් හා සිවිල් ඇඳුමින් සැරසුනු බුද්ධි නිලධාරීන් යෙදවීමට කටයුතු කරනු ලබන අතර විශාල ප්‍රමාණයේ ගමන්මළු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, කුඩා මුවහත් පිහි, මත්ද්‍රව්‍ය හා මත්පැන් රැගෙන ඒම තහනම්.
සී. සී. ටී. වී. පරීක්ෂා කිරීම්, ශරීර පරීක්ෂා කිරීම් හා වාහන සෝදිසි කිරීම් තරඟය ආරම්භ වීමට පෙර සිට ක්‍රියාත්මක වන බැවින් ඒ සඳහා ආරක්ෂක අංශ වලට අවශ්‍ය සහාය ලබාදෙන සියලු නරඹන්නන්ගෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.

