ඇවන්ගාඩ් සමාගමේ රිට් පෙත්සම් දෙකක් අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ඉවත දමයි

Published in පුවත්
Wednesday, 25 February 2026 13:45

ඇවන්ගාඩ් සමාගම පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නිකුත් කළ නියෝගයක් බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (25) නියෝග කර තිබෙනවා.

එම සමාගම සහ එහි සේවකයින් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් මූලික වශයෙන් සළකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත්කර ඇත්තේ.

ඇවන්ගාඩ් සමාගම දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදුකල සමුද්‍ර ආරක්ෂණ සේවා සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදීමට ජනධිපතිවරයා කටයුතු කර තිබුණා.

ඇවන්ගාඩ් සමාගම මගින් දීර්ඝ කාලයක් මුළුල්ලේ සමුද්‍ර ආරක්ෂන සේවා සැපයීම තුළින් මෙතෙක් ශ්‍රී ලංකාවට විශාල ආදායමක් අහිමිවී තිබුණා.

ඒ පිළිබඳ වහාම ක්‍රියාත්මක වෙමිනුයි ජනාධිපතිවරයා මෙම සමුද්‍ර ආරක්ෂණ සේවා සැපයීම නාවික හමුදාවට භාරදී තිබුණේ.

සමුද්‍ර ආර්ක්ෂණ සේවා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකිරීම මගින් රටට අඛණ්ඩව විශාල ඩොලර් ආදායමක් හිමිවනවා.

මීට පෙර මෙම සියලු ඩොලර් ආදායම ඇදීගියේ පෞද්ගලික සමාගමකටයි.

ඒ ඇවන්ගාඩ් සමාගමයි.

එවක මේ පිළිබඳ විශාල සමාජ ආන්දෝලනයක් ද නිර්මාණය වී තිබුණා.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණී විගස අදාළ ව්‍යාපාරය එකී සමාගමෙන් ඉවත්කර ශ්‍රී ලංකා නාවික හමුදාවට යළි ලබාදුන්නා.

එමගින් සියලුම ඩොලර් ආදායම මුලුමනින්ම යළි ශ්‍රී ලංකා රජය සතු වුණා.

ඒ අනුව මාස 04 ක් වැනි කෙටි කාලයක් තුළදී ස්වාධීන සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදු කිරීමෙන් ඇමෙරිකා ඩොලර් පන් ලක්ෂ අනූ අට දහස් දෙසිය පනහක මුදලක් ඉපැයීමට නාවික හමුදාව සමත්වුණා.

-ITN

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us