එළැඹෙන අයවැයෙන් යෝජිත වැටුප් විෂමතාවයේ සම්පූර්ණ කොටස එකවර ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ගුරු – විදුහල්පති සංගම් අතර පැවති සාකච්ඡාවේදී එකඟ වී තිබෙනවා.

තමන් හෝ තම අමාත්‍ය මණ්ඩලය මෙන්ම මන්ත්‍රී කණ්ඩායමෙන් ජනතාව බලාපොරොත්තු වන වගකීම් ඉටු නොකළ හොත් යළි පැරණි කණ්ඩායම් බලයට ගෙන ඒමට කටයුතු නොකරන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.

රට පුරා ඇති තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසා තිබේ.

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර සඳහා යොදා ගත හැකි අමෙරිකාවේ නිෂ්පාදිත ‘මොල්නුපිරවීර්’ (Molnupiravir) ඖෂධය ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරි සතියේදී ලැබෙනු ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා තිබේ.

සන්ධාන ගත වූ පක්ෂ සමඟ ඉදිරියට යාමට අග්‍රාමාත්‍යවරයා සතු පරිණත නායකත්වය අගය කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

පාස්කු ප්‍රහාර මාලාවට සම්බන්ධ මහ මොළකරු නවුෆර් මව්ලවි ඇතුළු ප්‍රධාන පෙළේ සැකකරුවන් 56 දෙනකුට එරෙහිව ගොනුකළ නඩු මේ මස සිට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයකදී දිනපතා විභාගයට ගැනීමට සැලැසුම් කර තිබේ.

ඉදිරි සති දෙක ඇතුළත සහල් කිලෝවක් රුපියල් සියයකට අඩු මුදලකට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකිවනු ඇති බව ඊයේ (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වා තිබේ.

ld add copy

Connet With Us