කොවිඩ් ආසාදිතයන්ගේ හා නිරෝධායනයට ලක් කළ පිරිසගේ ප්‍රතිකාර හා සුභසාධන කටයුතු සඳහා ආණ්ඩුව මේ වන විට රුපියල් කෝටි විසිදෙදහස් තුන්සියයකට අධික මුදල් සම්භාරයක් වැය කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා හෙළි කරයි.

මේ වන විට හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 50කට පමණ ඔක්සිජන් අවශ්‍යතාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අවුරුදු 30 ට අඩු පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීමට සංචාරක සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේන බවයි වාර්තා වෙන්නේ.

කොවිඩ් එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීමේ නීතිරීති ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව කොවිඩ් එන්නත්කරණ කමිටුව සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග ඊයේ (29දා) පැවැසුවේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත නියෝග කළාය.

කොවිඩ් මර්දන සඳහා වන දෛනික වැඩිම එන්නත් කරණය ඊයේ (29) දිනයේ සිදුකර තිබේ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ ඒ අනුව ඊයේ දිනයේ පුද්ගලයින් 515,830 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකර ඇති බවයි.

රාජ්‍ය ආයතනවල කටයුතු ලබන සඳුදා (2 වැනිදා) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ විවෘත කෙරිණි.

ld add copy

Latest News

ජාතික ජන බලවේගයෙන් රට පුරා මැයි රැලි 21ක්

ජාතික ජන බලවේගයෙන් රට පුරා මැයි රැලි 21ක්

ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් මැයි පළවෙනිදා රට පුරා මැයි රැලි 21ක් පැවැත්වීමට ජාතික ජන බලවේගය තීරණය...

Connet With Us