ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2 ක ණය පහසුකමක් ලැබෙනවා - මිලින්ද

Published in පුවත්
Friday, 17 December 2021 09:03

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරය සියයට 100 ක් සාර්ථක වූ බවත්, ඒ අනුව ඩොලර් බිලියන 2 ක ණය පහසුකමක් (credit line) ලබා දීමට ඉන්දියාව එකඟ වී ඇති බවත් අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා පවසයි.

පෙරේදා (15) ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ නුදුරේ දීම මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු ප්‍රකාශ කරනු ඇති බවයි.

මුදල් ඇමතිතුමා මීට සති දෙකකට කලින් ඉන්දියාවේ හිටියේ. ඒ සාකච්ඡාවේ දී අපි හැමෝම දන්නවා, සාකච්ඡා කරපු වැදගත් දෙයක් තමයි credit line එක. ඒ වගේම අපි ඒක චීනය එක්කත් කතා කරනවා. ඒ වගේම ලෝක බැංකුව මිලියන 500 ක් ලබන අවුරුද්දේ ව්‍යාපෘති කටයුතු සඳහා ලබාදෙන්න පොරොන්දු වුණා. ඒ හැමෝම එක්කම අපි වැඩ කරනවා.

චීනය හා ඉන්දියාව සමඟ පැවැත්වූ සාකච්ඡා සියයට 100 ක්ම සාර්ථකයි. බිලියන 2 ක credit line එකක් පොරොන්දු වෙලා තියෙනවා ඉන්දියාව, මම මේ ඉතාම වගකීමෙන් කියන්නේ. චීනය මීට කලින් පොරොන්දු වුණු credit line එකක් තියෙනවා. ඒ credit line දෙකම දෙන්නේ ලබන අවුරුද්දේ. ඒ විතරක් නෙමෙයි ඒ credit line දෙක අපි ගන්නේ සාක්කුවේ දාගෙන ගිහිල්ලා ලබන අවුරුද්දේ ඉඳන් මියුසිකල් ෂෝ ගහන්න නෙමෙයි. තව වැඩසටහන් ගොඩකට.

එතකොට ඒ සාකච්ඡා කරගත්ත වැඩවලට තමයි අපි credit line එක ගන්නේ. ඒක බැසිල් ඇමතිතුමා මුදල් ඇමතිතුමා විදියට ඉන්දියාවට ගිහිල්ලා එද්දී තව ප්ලේන් එකක ඩොලර් බිලියන 2 දාගෙන එන්න බැහැ. ඒ දෙකම සාර්ථකයි.

ගොඩාක් වෙලාවට මහ බැංකු අධිපතිතුමා, මම මේකට එන්න කලින් එතුමාට කතා කළාම එතුමා කිව්වේ බොහෝ වෙලාවට, නත්තලට කලින් හෝ නත්තල ඉවර වෙච්ච ගමන් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියෙනවා කියලා, මහ බැංකුවේ ඉන්න නිලධාරීන්, ඒ අවශ්‍ය කෙරෙන ලිපිලේඛන සකස් කරලා දුන්නාට පස්සේ, කොහොමද ලබන අවුරුද්දේ ක්‍රෙඩිට් එක හදාගෙන යන්නේ කියලා.

මේ අතර වත්මන් රජය ප්‍රතිපත්තියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමක් සිදුනොකරන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

''ඉතා පැහැදිලිවම කියන්න ඕනෑ, මේ ආණ්ඩුව කිසිම තැනක කිසිම හේතුවක් මත ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් විදියට IMF එක ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ලෝක බැංකුව එක්ක ගනුදෙනු කරන එක ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු වෙනත් ද්විපාර්ශවික හා බහුපාර්ශවික සංවිධාන සමඟ ගනුදෙනු කිරීම හෝ ඔවුන්ට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ.

ඒවගේම අපි ඇමරිකාවට විතරයි වැඩ කරන්නේ හෝ චීනයට විතරයි වැඩ කරන්නේ හෝ ඉන්දියාවෙන් විතරයි උදව් ගන්නේ හෝ කියලා ප්‍රතිපත්තියකත් නැහැ. මම ඉතා ස්ථිරසාර ලෙස අපේ දේශපාලන කඳවුර නියෝජනය කරමින් ඔබට කියන්නට කැමතියි''

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us