iOS මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතන භාවිත කරන ඇතැම් පරිශිලකයින්ට Whatsapp Web වෙත ප්‍රවේශවීමට පැවැති අවහිරතාව මේ වනවිට යථා තත්ත්වයට පත්ව තිබේ.

ග්‍රාම නිලධාරීන්, ආපදා සහන සේවා නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන් අද (27) සිට දිට්වා ආපදා සහන සේවා රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

මාර්තු මාසය සඳහා ලිට්‍රෝ සමාගම විසින් ගෑස් මෙට්‍රික් ටොන් 38,000 ක් ඇණවුම් කර තිබෙන බව එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන පැවැසීය. ලිට්‍රෝ සමාගම විසින් වෙළෙඳපොළට දිනකට ගෑස් මෙට්‍රික් ටොන් 1,700 බැගින් නිකුත් කෙරෙන බවද සභාපතිවරයා පැවැසීය.

පසුගිය වසර අවසානයේදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ ආපදාවට ලක් වූ විශ්ව විද්‍යාල සිසුන්ට ආර්ථික සහන සැලසීම සඳහා ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ (MTF) භාරකාර මණ්ඩලය විසින් එක්වරක් පමණක් පිරිනැමෙන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ආපදා සහන කටයුතුවල යෙදී සිටින රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගම් කිහිපයක් හෙට (27) සිට එම කටයුතුවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් දියත් කරන සංකේත වැඩවර්ජනය දැඩි ලෙස හෙළා දකින බව ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවක එකමුතුව (VRS) පවසයි.

අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) ප.ව 2.00ට අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.

ld add copy

Connet With Us