ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි මාස හයක කාලයක් සඳහා වන කෙටි කාලීන ආර්ථික ඉදිරි දැක්මක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පිහිටුවා ඇති Siyolit (Pvt) Ltd නම් සමාගමක් මගින් ඉදිරියේදී SIYOLIT යන වෙළෙඳ නාමයෙන් ගෘහස්ත LP ගෑස් නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා දී විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර ඇත.

k1k2

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩපිලිවෙල යටතේ දිවයින පුරා විවිධ ස්ථානවල සාර්ථක කාබනික පොහොර වගාවන් සිදුවන ආකාරය දැක ගැනීමට ලැබෙනවා.

එක්සත් රාජධානියේ කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් මේ වන විට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව ඇමරිකානු පරීක්ෂණයකින් තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත බැස තිබිය දී ආසාධාරණ ලෙස ඉහළ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමේ නිරත ජංගම වෙළෙඳුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

ld add copy

Latest News

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තී...

Connet With Us