IMF ණය ලබාගැනීම වරදක් නෑ..ආවා නම් පක්ෂව ඡන්දය දෙනවා - මෛත්‍රීපාල

Published in පුවත්
Friday, 28 April 2023 23:25

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබාගැනීම පිළිබඳ කිසිදු වරදක් නොමැති බවත් අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණියේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීම පිළිබඳ ඡන්ද විමසීමට තමා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ අද(28) පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

"තමා ජනාධිපති ධූරය දරන සමයේ ආණ්ඩුව පවත්වාගෙන යාමටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත් බවත් මීට වසර 45කට පෙරද රොනීද මැල් මුදල් ඇමතිවරයාගේ කාලයේදී පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙයි. නමුත් මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්නා මුදල් වංචාවෙන්, දූෂණයෙන් තොරව ආයෝජනය කළ යුතු බවත් මීට වසර 20ක් 25ක් තිස්සේ සිදුවී ඇත්තේ මෙලෙස ලබාගන්නා විදේශ ණය, ප්‍රදාන සහ දේශීය ණය මුදල් පවුල්වාදය තුළ සොරකම් කිරීම බවත් ඒ නිසා අද ඇතිවී තිබෙන දුගීභාවය ඇතුළු ප්‍රශ්න රාශීයක් පැන නැගීමට එය හේතුවී ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

වංචා, දූෂණ ඉවත් කිරීම සඳහා නව විධිවිධාන සහ එම දූෂණ වැලැක්වීමට නව වැඩපිළිවෙලක් අවශ්‍ය බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් කොන්දේසියක් පනවා ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබාගැනීම වැරදි බවට ප්‍රකාශ කරන්නේ ආණ්ඩු නොකරපු පිරිසක් බවත් ආණ්ඩු කරන්න විදේශ මුදල් ලබාගැනීමට අවශ්‍ය බව ඒ පිරිසටත් ආණ්ඩු බලය ලබා ගත් දවසට තේරුම් යනු ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.

මේ රට තිබුණු තත්වයට ගැනීමට තව වසර 10ක්වත් ගත වනු ඇති බවත් 2018 රට තිබුණු තැනට යළි ගොඩ නැගීමට මේවන විට උත්සාහ ගනිමින් සිටින බවට ආර්ථික විශේෂඥයින් සඳහන් කළ බවත් පෙන්වා දුන් මෛත්‍රීපාල සිරිසේන විශාල සංචාරකයින් පිරිසක් රටට පැමිණිම, මූල්‍ය තත්වය හොඳින්ම කළමණාකරණය කිරීම වැනි කාරණා අතින් 2018 වර්ෂය රටට හිතකර තත්වයක් තිබූ බවත් කියා සිටියේය.

පුද්ගලික කාරණා රාශියක් නිසා තමාට මේ දිනවල පොළොන්නරුවේ ගත කිරීමට සිදුවූ බැවින් පාර්ලිමේන්තුවට යාමට නොහැකි වූ බවත් අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණියේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීම පිළිබඳ ඡන්ද විමසීමට තමා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.

අයහපත් කොන්දේසි තිබේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිය හැකි බවත් තමා ජනාධිපති ධූරයේ සිටි සමයේත් එලෙස අහිතකර කොන්දේසි ලබා දුන් විට එය සාකච්ඡා කර විසඳා ගත් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ආණ්ඩුව මුදල් ලබා දීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් තමාව දෙවතාවක් හමුවී සාකච්ඡා කළ බවත් රටට මුදල් ලබා දිය යුතු බවට ඔවුන්ට දැනුම් දුන් බවත් පෙන්වා දුන් මෛත්‍රීපාල සිරිසේන දූෂණයෙන් වංචාවෙන් තොරව එම මුදල් ආයෝජනය කර දුගී දුප්පත් ජනතාව බේරාගැනීමට සඳහා යහපත් විධිමත් වැඩපිළිවෙලත් සඳහා වත්මන් රජයට බලපෑමක් ඇති කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us