හමුදාවන් අති නවීන තාක්ෂණයෙන් සහ හැකියාවන්ගෙන් සන්නද්ධ කිරීම අත්‍යාවශ්‍යයි

Published in පුවත්
Thursday, 08 June 2023 13:55

මෙරට සන්නද්ධ හමුදාවන් අති නවීන තාක්ෂණයෙන් සහ හැකියාවන්ගෙන් සන්නද්ධ කිරීම අත්‍යාවශ්‍ය බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතාවල දිගුවක් ලෙස ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වසර ගණනාවක් පුරා අඛණ්ඩව වර්ධනය වෙමින් ශක්තිමත්වී ඇති බවත් පසුගිය දශකය තුළ ඉන්දීය ආරක්‍ෂක නිෂ්පාදන අංශයේ දියුණුවට සමගාමීව ඉන්දියාවෙන් දෘඩාංග මිලදී ගැනීම දෙරට අතර සහයෝගීතාවයට නව මානයක් එක් කළ බවත් පසුගිය බදාදා (ජුනි 07) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවති ඉන්දීය ආරක්‍ෂක අපනයන ප්‍රවර්ධන සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට සහභාගී වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය වරයා පැවසීය.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් දේශීයව නිපදවන ලද ආරක්‍ෂක රථ ප්‍රදර්ශනය කිරීම, ඉන්දීය ව්‍යවසායකයින් සමඟ අන්තර් ක්‍රියාකාරකම් සිදුකිරීමට සහ නැගී එන තර්ජන සහ බලවේග ඵලදායී ලෙස මැඬලීමට අප රට තුලම සන්නද්ධ අවි අඛණ්ඩව නවීකරණය කර ගැනීමටත් මෙම ප්‍රදර්ශනය අවස්ථාවක් ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් වැඩිදුරටත් පැවසීය.

ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ද එක්විය.

ඉන්දීය මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ සමාරම්භක කථාව පවත්වමින් කියා සිටියේ තම අත්දැකීම් අන් අය සමඟ බෙදාගැනීමට සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට තමන් අපේක්‍ෂා කරන බවත්, ශ්‍රී ලංකාව සමඟ සෑම ක්ෂේත්‍ර‍යක් තුලම දක්වන සහයෝගීතාවය අගනා දෙයක් ලෙස සලකන බවත්ය.

ආරක්‍ෂක උපාංග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පළමු ඉන්දීය-ශ්‍රී ලංකා ආරක්‍ෂක සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය දෙරට අතර සහයෝගීතාව සහ බැදීම් ප්‍රවර්ධනය කිරීම සඳහා පවත්වනු ලැබේ.

දුරස්ථ තාක්‍ෂණය ඔස්සේ උත්සවය අමතමින් ඉන්දීය ආරක්‍ෂක ලේකම් (ආරක්‍ෂක නිෂ්පාදන) ගිරිධාර් අරමානේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු බවත් එය ද්විපාර්ශ්වික සබඳතාවල දී ඉතා වැදගත් බවත් ප්‍රකාශ කළේය.

සමාරම්භක සැසියේදී යුධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් විසින් ඉදිරිපත් කිරීම් සිදුකරන ලදි.

ආරක්‍ෂක ප්‍රසම්පාදන අත් පත්‍රිකාවක් ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාට සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත පිළිගන්වන ලදි.

මෙම ප්‍රදර්ශනය මඟින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශනය කෙරේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

mod6mod5mod4MOD3MOD2MOD1

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us