සියළු මැතිවරණ එක නීතියක් යටතට පත් කෙරේ.

Published in පුවත්
Tuesday, 13 June 2023 11:50

මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත නමින් නව පනතක් සකස් කිරීමට අවශ්‍ය කෙටුම්පත සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත යන පනත් 5ක සංශෝධනයක් ඇතුළත්ව මෙම මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිත ය.

මැතිවරණයක් සඳහා තරගවදින දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් චර්යාධර්ම පද්ධති (Code of Condutc) උල්ලංඝණය කළ විට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්, මැතිවරණ දින නියමිත ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිත කළ නොහැකි වන විශේෂයෙන් හඳුනා ගත් ඡන්දදායකයින් සඳහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා ත් 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම සනධා ඉකුත් වසරේ දෙසැම්බර් 12 වන දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබිණි.

තව ද, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති විට මාධ්‍ය උපමාන (Media Guidelines) උල්ලංඝණය කරන අවස්ථාවලදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා ද එදින ම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබිණි,

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක එම සංශෝධිත පනත් කෙටුම්පත් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණු බව රජය සඳහන් කරයි.

කෙසේ වෙතත්, එම පනත් වෙන් වෙන් වශයෙන් සංශෝධනය කිරීම වෙනුවට මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත නමින් නව පනතක් හඳුන්වා දීම යෝග්‍ය බව යෝජනා වී තිබේ.

ඒ අනුව, අදාළ සංශෝධන ද ඇතුළත් කරමින් මෙම නව පනත හඳුන්වා දීම සඳහා පනත් කොටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us