මහනුවර අංකුඹුර පොලිස් ස්ථානායේ පොලිස් නිලධාරීන් 7ක් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමග එම පොලිසියේ සේවයේ සිටි පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.

මානව හිමිකම් සහ ප්‍රතිසංවිධාන ගැටලු පිළිබඳව අඛණ්ඩව සමීපව කටයුතු කිරීමට යුරෝපා සංගමය සහ මෙරට රජය එකඟ වී තිබේ.

මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි විරෝධය එල්ලවී තිබෙනවා.

කොවිඩ් ආසාදනය වූ 07 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රේගුවේ දූෂණ වංචා අක්‍රමිකතා තුරන් කර එම ආයතනය හරහා රටට ලැබිය යුතු ආදායම නියමාකාරයෙන් ලබා ගැනීමත් කාර්යක්ෂම සේවයක් සලසා දීම වෙනුවෙනුත් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ පසුගියදා කළුතර වළල්ලාවිට පැවැති ජන හමුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රේගු නිලධාරී වෘත්තිය සමිති වල විරෝධය පළවී තිබේ.

ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය හෙට (28) පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිතයි.

ඉදිරියෙදී සිදුවිය හැකි විශාල විනාශයක් ගැන පාස්කු ප්‍රහාරයට කලින්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කළත් ඔහු ඒ පිළිබද කිසිදු උනන්දුවක් දැක්වුයේ නැති බව හිටපු සී .අයි .ඩි අධ්‍යක්ෂ ශානි අබේසේකර අද පාස්කු කොමිසමේදී හෙළි කර ඇත.

ld add copy

Connet With Us