ඉංදියාවෙන් තවත් ඩොලර් බිලියන 4ක පමණ ණය ආධාර පහසුකමක්  

Published in පුවත්
Monday, 16 January 2023 10:03

වත්මන් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශංකර්ගේ මෙරට සංචාරයේදී අපේක්ෂාවෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළා.

මේ මස 19 වන දා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දෙදින සංචාරයක් සදහා මෙරටට පැමිණීමට නියමිත අතර එහි දී බලශක්ති, ආහාර සුරක්ෂිතතා සහ විනිමය හුවමාරු සම්බන්ධයෙන් මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේදී මෙන්ම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සදහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ආරංචි මාර්ග සදහන් කළ බවයි එරට වාර්තා සදහන් කළේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ණය සහ ණය ආධාර පහසුකම් ඇතුළු ඩොලර් බිලියන 4ක පමණ ඒකාබද්ධ පැකේජයක් ආසියානු නිෂ්කාෂණ සංගමය හරහා ලබා දීම සම්බන්ධයෙන්ද ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ බලාපොරොත්තු තබා ගත හැකි බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.

ත්‍රිකුණාමලය සංවර්ධන ව්‍යාපෘතිය සහ ඉන්දියාව සමග නේපාලය, භූතානය, සහ බංග්ලාදේශය මෙන් බලශක්ති හුවමාරුව පිළිබද දිගු කාලීන සැලසුම් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් වලට එළැඹීමටද ජයිශංකර්ගේ සංචාරය අතරතුර නියමිතයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us