බෙහෙත් නෑ ! ඒකට කමක් නෑ ඡන්දේ තියමු.

Published in පුවත්
Monday, 13 February 2023 11:27

රට තුල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් මීට දින කිහිපයකට පෙර අනතුරු හඟවා තිබිණි. කෙසේ නමුත් ඖෂධ හිඟයට හේතු වී ඇත්තේ අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට අවශ්‍ය තරමට ඩොලර් රජය සතු නොවීම මත ඒ වේලාසන ඇණවුම් කිරීමට සමත් නොවීමය. අය වැයෙන් ඊට අදාල මුදල් වෙන්කිරීමක් සිදු කළද එම මුදල් ප්‍රමාණය සපූරාගැනීමට තරම් ආදායම් නොමැතිවීම හා විදේශ සංචිත ප්‍රමාණවත් නොවීමය.

මේ වෙනුවෙන් වහාම මුදල් සොයාගැනීමට කටයුතු කරන බව පසුගියදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව් හමුවේ පොරොන්දු විය. ඒ කෙසේ නමුත් මේ සියල්ලටම වඩා පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් රජය මුදල් ලබා දිය යුතු බව මැතිවරණ කොමිසම සහ විපක්ෂ දේශපාලන පක්ෂ රජයට බල කරමින් සිටී.

මේ අතර රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ 150ක පමණ දැවැන්ත හිඟයක් නිර්මාණය වී ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි.

වෛද්‍යවරයා ප්‍රකාශ කළේ, දැනට පවතින අත්‍යවශ්‍ය ඖෂධ තොග අවසන් වෙමින් පවතින තත්වයක් ද මේ වන විට නිරීක්ෂණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ මැදිහත් වීම අවම මට්ටමක පවතින බවය.

"රජය රු බිලියන 322ක මුදලක් පසුගිය අයවැයෙන් ඖෂධ සඳහා වෙන්කරනවා කියලා කිව්වත් ඒ මුදල් කිසිසේත්ම නොලැබෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ වෙනකොට ජීවිතාරක්ෂක ඖෂධවල ඉඳලා විශේෂයෙන්ම හදිසි අනතුරු සේවාවන් පවතින ඖෂධවල සිට සියලුම ආකාරයේ ඖෂධ වර්ග, විශේෂයෙන්ම පිළිකා නාශක ඖෂධ වර්ග දක්වා විශාල පරාසයක ඖෂධ දැවැන්ත හිඟ වීමකට ලක්වෙලා තියෙනවා. බොහෝ අවස්ථාවල රෝහල්වලින් සපයන්න පුළුවන් ඖෂධ ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තහම අත්‍යවශ්‍ය ඖෂධ 150ක් විතර ප්‍රමාණයක දැවැන්ත හිඟයක් තියෙනවා. මේ මාසය තුළ බොහෝ තොග අවසන් වෙමින් පවතිනවා. මෙම තොග නැවත රැස්කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය බොහෝම අවම මට්ටමක තමා තියෙන්නේ."

හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා භාවිත කරන ඖෂධ රැසක හිඟයක් මේ වන විට රටේ උද්ගතව ඇති බව සමස්ත ලංකා ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රවී කලන්සුරිය මහතා පැවසුවේය.

"අද වනවිට හෘද රෝගීන් සඳහා හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා යොදාගන්නා ඖෂධවල බොහෝ හිඟයක්. ඒ නිසා හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා දැනටමත් දීර්ඝ ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා හිටියත් දවසකට කරන හෘද සැත්කම් ප්‍රමාණය දැනට සිදුකරන්න අපහසුවෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කරාපිටිය රෝහල වගේම දිවයිනේ සෑම රෝහලකම හෘද රෝගීන්ගේ සැත්කම් කරන ප්‍රමාණය දැනට නැවතිලා තියෙන මට්ටමක තියෙන්නේ. අපි රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරා මේ ගැන අවධානය යොමු කරන්න කියලා. අනෙකුත් අවශ්‍යතා සපුරනවා කිව්වට ඖෂධවල තියෙන අවශ්‍යතාවය මේ වන තෙක් සපුරාගෙන නෑ."

මේ අතර අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමට පියවර ගන්නා ලෙස ලබාදී ඇති උපදෙස් ඉදිරියේ දී අයහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහත පැවසුවේය.

"සැලසුම් සහගත ශල්‍යකර්ම නවතා දැමීම හරහා ජනතාව ලොකු අපහසුතාවයකට පත්වෙනවා. ඒ වගේම තමා ඒ ශල්‍යකර්ම කල්දැමීම හරහා, ශල්‍යකර්ම අවශ්‍ය වෙලාවට නොකිරීම හරහා යම් මොහොතක අපි ගත්තොත් හර්නියා ශල්‍යකර්මයක් නොකර සිටීම හරහා යම් මොහොතක ඒ රෝගීයාගේ ජීවතය අවදානමට ලක්වෙන් පුළුවන්. ඒ වගේම තව ශල්‍යකර්ම ගණනාවක් තියෙනවා. එවැනිවලට තමයි මේ කියන්නේ අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම නැතිනම් ජීවත ආරක්ෂක නොවන ශල්‍යකර්ම කියලා. වචන හරඹයක් සිද්ධකරනවා මේක non-essential නැත්නම් essential නැත්නම් urgent නැත්නම් non-urgent කියලා. ශල්‍යකර්මයක් නොකිරීම හරහා අදාළ පුද්ගලයා ලක්වන මානසික පීඩනය සහ ආතතිය යම් දවසක මේ ශල්‍යකර්ම එකවර කරන්න සිදුවුණොත් ඒ හරහා සිදුවන ගැටලුවට කව්ද වගකියන්නේ ?"

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us