බිත්තර ආනයනය කතාවෙන් බිත්තර නිෂ්පාදකයෝ සැලෙති  

Published in පුවත්
Monday, 02 January 2023 21:27

පවතින බිත්තර ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

එහිදී සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය අද සඳහන් කළේ, බිත්තර ආනයන කිරීමට රජය පියවර ගන්නේ නම් ඒ හරහා බිත්තර නිෂ්පාදකයින් අධෛර්යමත් වන බවය.

කෙසේ වෙතත් දිගින් දිගටම බිත්තර මිල ඉහළයාම වැළැක්වීමට බිත්තර ආනයනය සඳහා අද (02) කැබිනට් මණ්ඩල හමුවේ දී එකඟතාවය පළකර තිබේ.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ පවතින බිත්තර ගැටලුව පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම එකඟතාව පළකළ බවය.

බිත්තර මිල පාලන ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවීමට අභියාචනාධිකරණය නියම කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තරයක මිලෙහි කැපීපෙනෙන ඉහළයාමක් දක්නට ලැබුණි.

ඒ අනුව අද වන විට බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 60ක අවම මිලක් යටතේය.

ලොරි රථ මගින් බිත්තර ගෙනැවිත් රුපියල් 55 බැගින් අලෙවි කරන වැඩපිළිවෙළක් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් ආරම්භ කළත් එය අද දිනයේත් ක්‍රියාත්මකවනු දක්නට නොලැබුණි.

බිත්තර ආනයනය කර බිත්තරයක් රු 25 කට පමණ අලෙවි කළ හැකි බවට පසුගිය දින වල කතා බහට ලක්ව තිබිණි. කොහොම නමුත් මෙරට බිත්තර නිශ්පාදන පිරිවැය සම්බන්ධයෙන් කළ සමීක්ෂණ වලදි බිත්තරයක් රු 40-45 කට සිල්ල්ර වෙලඳ පොළෙත් විකුණා නිශ්පාදකයන්ට සහ වෙළඳුන්ට ලාබයක් ගත හැකි බව හෙළිව තිබිණි. ඒ කෙසේ වෙතත් බිත්තර මිල ඉහළ යෑමට බරපතල හේතුවක් වූයේ බිත්තර නිශ්පාදනය අඩකින් පමණ අඩාල වී බිත්තර සඳහා වන ඉල්ලුම සපුර ගැනීමට නොහැකි වීමය. මේ තත්වය මත අතරමැදියන් විසින් බිත්තර මිළ ඉහළ දැමීමට කටයුතු කර තිබණු බවටත් චෝදනාවක් ඉදිරිපත් විය.

පසුගිය කොවිඩ් සමයේදී කුකුල් ආහාර හිඟ වීමත් මෙරට කුකුල් කෑම නිපද වීමට තරම් බඩ ඉරිගු නිශ්පාදනක් නොතිබූ තත්වය හමුවේ බඩ ඉරිඟු ආනයනයත් තහනම් කිරීමත් නිසා අලුතෙන් කුකුල් පැටවුන් බිහි කිරීමද සීමා වීම මත කුකුලු නිශ්පාදන ක්ෂේත්‍රයම කඩා වැටිනි. කොහොම නමුත් පවතින තත්වය තව මාසයක් හමාරක් යන විට වෙනස් වෙනු ඇතැයිද පැවසේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us