ලබන වසර වනවිට නිවසේ සිට භාවිත කිරීමට අන්තර්ජාල පහසුකම්
ලබන වසර වන විට ලංකාවේ සියලු දෙනාට නිවසේ සිට භාවිත කිරීමට අන්තර්ජාල සන්නිවේදන පහසුකම් ලබාදීමට නියමිත බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
සමාජ මාධ්‍ය ලියාපදිංචිය පටලවා ගත් ජනතාවට අමාත්‍ය කෙහෙළියගෙන් නිවේදනයක්
සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් කෙරෙහි රජයේ අවධානය යොමුව නැති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා පසුගිය මාර්තු මාසයේදී විශේෂ ක්‍රියා පටිපාටියක් හඳුන්වා දුන් අතර ඒ වෙනුවට පහත ක්‍රියා පටිපාටිය 2020 දෙසැම්බර් 26 වැනි දින සිට ක්‍රියාත්මක වන බවයි නිවේදනය කරන්නේ.
ඖෂධය ලබා ගැනීමට නිවසට පැමිණෙන්න එපා! කෑගල්ලේ ධම්මික බණ්ඩාරගෙන් ඉල්ලීමක්
කොවිඩ් - 19 වෛරසයට එරෙහිව නිපදවූ දේශීය ඖෂධය ලබා ගැනීමට,නැවත දැනුම්දෙන තුරු සිය නිවසට රැස් නොවන ලෙස එම ඖෂධය නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ඉල්ලීමක් කර තිබේ.
නඩු ලක්ෂ 08 ක් දිවයින පුරා අධිකරණවල විභාග කිරීමට ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.
පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් මධ්‍යම හා ඌව පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
"ඔබට ගෙයක් රටට හෙටක් " නිවාස වැඩසටහන යටතේ තවත් නිවාස කිහිපයක් ජනතා අයිතියට
"ඔබට ගෙයක් රටට හෙටක්" නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, ජා ඇල, උතුරු වැලිගම්පිටිය ප්‍රදේශයේ ඉදිකළ නව නිවස විවෘත කිරීම අද සිදු කෙරුණා.
ප්‍රාථමික පන්ති සහ පෙරපාසල් අධ්‍යාපන කටයුතු ජනවාරි 11වනදා සිට
බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශයන්හි පාසල්වල ප්‍රාථමික පන්ති අධ්‍යයන කටයුතු ජනවාරි 11 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.