ගෝලීය ආර්ථික අර්බුද හමුවේ ලංකාවේ ණය අර්බුදයටත් විසඳුමක් සොයා දීම ඉතාමත් වැදගත් - ක්‍රිස්ටලීනා ජොර්ජීවා  

Published in පුවත්
Monday, 02 January 2023 15:13

ගෝලීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන චීන, යුරෝපා සහ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයන් මන්දගාමී වීම හේතුවෙන් පසුගිය වසරට වඩා ලැබුවා වූ නව වසර ඉතාමත් දුෂ්කර වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා ප්‍රකාශ කර ඇත.

වසර 40 කට පසු ප්‍රථම වතාවට චීනයේ පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය ගෝලීය ආර්ථිකයට වඩා පහළ බව ක්‍රිස්ටලීනා ජොර්ජීවා පෙන්වා දී තිබේ. කොවිඞ් නීති ලිහිල් කළද රෝගය පැතිර යාම හේතුවෙන් ඉදිරි මාස කිහිපය චීනයට දුෂ්කර වනු ඇති බවත් ඒ හේතුවෙන් චීනයේ ආර්ථික වර්ධනයද සෘණාත්මක වනු ඇති බවත් ඇය පවසා ඇත.චීන ආර්ථිකය මන්දගාමී වන විට කලාපයේ ආර්ථිකයද මන්දගාමී වනු ඇති බවත් කලාපයේ ආර්ථිකය මන්දගාමී වන විට ගෝලීය ආර්ථිකයද මන්දගාමී වනු ඇති බවත් ඇය පෙන්වා දී තිබේ.

ගෝලීය ආර්ථිකයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය වෙන්ව සිටීම හේතුවෙන් ආර්ථික අවපාතයක් ඇතිවීම වළක්වා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයට අවස්ථාව තිබුණත් ඇමෙරිකා ආර්ථිකය වෙන්වී සිටීම, ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමට හේතුවක් වනු ඇතැයි ක්‍රිස්ටලීනා ජොර්ජීවා පවසා ඇත.

යුක්රේන - රුසියා යුද්ධය දිගටම ඇදී යාම, ඉහළ උද්ධමනය සහ මහ බැංකු වල ඉහළ පොළී අනුපාත ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමට හේතු වී ඇතැයි ඇය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව, චැඩ්, ඉතියෝපියා, සැමීබියා, ඝානාව, ලෙබනනය, සුරිනාමය වැනි රටවල් මුහුණ දී සිටින ණය අර්බුදය ගෝලීය අර්බුදයක් නිර්මාණය කිරීමට තරම් කැපී පෙනෙන මට්ටමකට පැමිණ නැතත් එම රටවල ජනතාවට ණය අර්බුදයට විසඳුමක් සොයා දීම ඉතාමත් වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා සී.බී.එස් පුවත් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

නමුත් ණය අර්බුදයකට මුහුණ දී සිටින රටවල් ප්‍රමාණය තවත් වැඩි වුවහොත් ගෝලීය ආර්ථිකයට අයහපත් බලපෑමක් එල්ල විය හැකි බවත් ඒ හේතුවෙන් මෙම රටවලට ණය අර්බුදයට විසඳුමක් සොයා දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි පරිශ්‍රමයක් දරන බවත් ක්‍රිස්ටලීනා ජොර්ජීවා එහිදී පෙන්වා දී ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us