මහර ගැටුම සම්බන්ධයෙන් පත්කළ කමිටුව ලබා දුන් වාර්තාවේ සඳහන් යෝජනා හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

පසුගිය විසි වනදා සිට සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් පනස් දෙනෙකු මියගොස් තිබෙන අතර එකසිය තිස් දෙදෙනෙක් (132) බරපතල තුවාල ලබා තිබෙනවා.

පොලොන්නරුව, ගල්ලෑල්ල කොරොනා ප්‍රතිකාර මධ්‍යස්ථනයේ කොරොනා අසාදිතව සිටි බන්ධනාගාර ‍රැඳවියන් පස් දෙනෙකු පළා ගොස් ඇති බව වාර්තා වේ. මෙම කණ්ඩායම වයස අවුරුදු 22,23,26,32,සහ 52 වයස වල පුද්ගලයන් බවද පැවැසේ.

පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න කිසිදු පුද්ගලයෙකු විසින් සිතාමතා සිදුකළ ක්‍රියාවක් ලෙස හැදින්වීමට කිසිදු සාක්ෂියක් නොමැති බව අනාවරණය වී තිබෙනවා.

බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා හිටපු යුද හමුදා නිලධාරීන්ගෙන් සැඳුම්ලත් 200 දෙනෙකුගෙන් යුතු විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සැලසුම් කර තිබේනවා.

පසුගිය යහපාලන සමයේදී මහින්ද රාජපක්ෂ ඇතුළු එම පවුලේ සාමාජිකයන් සිරගත කිරීම වෙනුවෙන් තිරය පිටුපස සිටි අදෘෂ්‍යමාන පුද්ගලයකු ක්‍රියාත්මක වී ඇති බවට තොරතුරු රැසක් රජයේ බුද්ධි අංශ හෙළිකරගෙන තිබෙන බව අප වෙත දැනගැනීමට තිබේ.

මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සුරාබදු කොමසාරිස්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සදහා සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 61 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේනවා.

ld add copy

Connet With Us