ඩිජිටල් අපචාරවලින් ළමයින් මුදා ගැනීමේ ක්‍රමවේදය එළිදකී !

Published in පුවත්
Thursday, 05 October 2023 10:58

ඩිජිටල් ක්‍රම මඟින් අපචාරවලට ගොදුරු වීමෙන් ළමයින් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රම ඇතුළත් කර මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ක්‍රියාත්මක කළ යුතු බව මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්‍ෂාව පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද කමිටුව නිර්දේශ කර තිබේ.

එම කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම පෙරේදා (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

විවිධ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ සමස්ත සුබසාධනය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2023 අප්‍රේල් 19 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පිහිටුවීය.

ළමයින් ලිංගික අපාරාධවලට ගොදුරු වීම, අසභ්‍ය වෙබ් අඩවිවලට ළමයින් යොදා ගැනීම, සයිබර් හිරිහැර සහ කප්පම් ගැනීම්, මුදල් සඳහා ක්‍රීඩා කිරීමට ළමයින් ඇබ්බැහි වීම සඳහා සමාජ මාධ්‍ය මඟින් අහිතකර බලපෑමක් සිදු වෙතැයි ලොව පුරා හඳුනාගෙන ඇති බවත් ළමයින් සඳහා ශාරීරික දඬුවම් තහනම් කරමින් නීති සම්පාදනය කළ යුතු බවත් කමිටුව අවධාරණය කරයි.

පසුගිය දශක තුන ඇතුළත සිදු වූ සමාජ, ආර්ථික හා තාක්ෂණික විපර්යාස සැලකිල්ලට ගනිමින් ළමා ආරක්ෂාව පිළිබඳ මෙම කමිටුව විසින් අධ්‍යයනයට ලක් කර තිබේ.

අත්හැර දැමූ, නොසලකා හරින ලද, අනාථ වූ හෝ ශාරීරික හෝ ලිංගික අපයෝජනයන්ට ලක් වූ දරුවන් ආරක්ෂා කිරීම සඳහා පවතින ක්‍රමවේදය වැඩිදියුණු කිරීම පිණිස ආයතනමය, පරිපාලනමය සහ නීතිමය රාමුව තුළ අධ්‍යයනයන් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී තිබිණි. කමිටුව ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ පැවති සාකච්ඡාවලින් පසු කමිටුව නිර්දේශ 21ක් ඉදිරිපත් කර ඇත.

දරුවන් සම්බන්ධයෙන් වන අධිකරණ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට නියමිත බවත් මෙම කමිටුව සඳහන් කරයි.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ජනාධිපතිවරයා යටතට ගැනීමට නියමිත අතර මව විදේශගත වීම හේතුවෙන් අවදානමට ලක්වන දරුවන් හඳුනා ගැනීම සඳහා කම්කරු දෙපාර්තමේන්තු සංගණන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සමඟ බෙදා ගැනීමට නියමිත බවත් කමිටුව සඳහන් කරයි.

ආයතනවල සහ ළමා නිවාසවලින් පිටවන වයස 18 ඉක්මවන දරුවන් සමාජගත කිරීමේදී දරුවන්ට තොරතුරු තාක්ෂණ, භාෂා, මූල්‍ය කුසලතා ආදිය පිළිබඳ පුහුණුවක් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවට මෙම කමිටුව නිර්දේශ කර තිබේ. මෙවැනි ආයතනවල සිටින දරුවන්ගේ සියයට 70ක්ම ඒවාට ඇතුළත්ව සිටින්නේ දරිද්‍රතාව නිසා බැවින් එවැනි පවුල්වල ජීවනෝපාය සංවර්ධන කළ යුතු බවත් කමිටුව පෙන්වා දෙයි.

නූතන සමාජයේ දරුවන්ගේ මානසික සහ කායික යහපැවැත්මට අහිතකර ලෙස බලපාන සාධක වන මත්පැන්, දුම්කොළ සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම වැළැක්වීමට පියවර ගැනීම මෙන්ම පාසල්වලින් මීටර් 100ක් දුරින් මත්ද්‍රව්‍ය සහ තනි සිගරට් අලෙවිය තහනම් කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය හා අදාළ ගැටලු පිළිබඳ දරුවන් දැනුවත් කිරීමද කළ යුතු බව නිර්දේශ කර තිබේ.

දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 602ක් තුළ ළමයින් සඳහා වෙනම ඒකක පිහිටුවීමටත් පළාත් නවය තුළ ළමා පියස ඒකක 9ක් පිහිටුවීමටත් මෙම කමිටුව නිර්දේශ කර තිබේ.

මීට අමතරව, විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පරිවාස නිවාසවල, රැඳවුම් මධ්‍යස්ථානවල සහ රජයේ අනුමත විශේෂ පාසල්වල සිටින ළමයින් සාර්ථක ලෙස නැවත සමාජගත කිරීමේ අරමුණින් “ප්‍රතිසාධන පුනරුත්ථාපන ක්‍රියාවලියක්” පිළිබඳව ද මෙම වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ළමයින් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට නිරාවරණය වන සාධක වැළැක්වීම සහ අවම කිරීම, එවැනි දරුවන් මුහුණ දෙන ප්‍රතිවිපාක හඳුනා ගැනීම සහ වාර්තාකරණය, කළමනාකරණය සහ ප්‍රතිචාර යන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ප්‍රතිපත්ති හා නිර්දේශ ද මෙහි ඇතුළත් වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us