මෙරට ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල කරන රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමේ නව පනත් කෙටුම්පත ලබන වසරේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රජය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.
''සංචරණ සීමාවන් පැනවිම අවශ්‍යයි '' PHI සංගමයෙන් ඉල්ලීමක්
උදාවන අලුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම වළක්වමින් යම් සංචරණ සීමාවක් පැනවිය යුතු බවට ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ආවරණය වී නොමැති විෂය නිර්දේශ සදහා වසර ආරම්භයේදී පාසල් මට්ටමින් වැඩපිළිවෙළක්
මෙම වර්ෂයට නියමිත විෂය නිර්දේශ ආවරණය වී නොමැතිනම් ලබන වසරේ මුල් මාස දෙක ඇතුළත පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් සකස්කර එම කොටස් ආවරණය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සියලු පළාත් බලධාරීන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබේනවා.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ බස්රථ 40ක බලපත්‍ර අහෝසි කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී පාද වන්දනාවට බැතිමතුන්ගේ පැමිණීම දැඩි අවධානමක් පවතින බැවින් වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව පවසනවා.
අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 582 ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 29,882 ක් ලෙසයි වාර්තා වෙන්නේ.
විද්‍යාව වෙනුවට මිත්‍යාව කරපින්නාගෙන යන ආණ්ඩුව ! විපක්ෂනායක ගෙන් චෝදනා.
ආණ්ඩුව බෞද්ධයින්ට පාංශුකූලයත් අහිමි කර ඇති බවත්, මේක සියලු පුරවැසියන්ගේ ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
බන්ධනාගාර තුල ඇති වන ගැටුම් නැවත්වීම සදහා විශේෂ බුද්ධි ඒකකයක් පිහිටුවීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.