දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැංකු තැන්පතුවලට හෝ පොළියට බලපෑමක් නැහැ - ජනාධිපති  

Published in පුවත්
Tuesday, 27 June 2023 19:14

වසර පහක කාලයක් තුළ ඩොලර් බිලියන 41.5ක මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එමෙන් ම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද ඒ අනුව සිදුකළ යුතු බව මීට සුළු මොහොතකට පෙර ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු පැවසීය.

ඔහු එහිදී සඳහන් කළේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්‍ෂණය යටතේ පවතින රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඇතුළු රටේ බැංකු පද්ධතියේ ස්ථායිතාවට කිසිදු බලපෑමක් සිදු නොවන බව ය.

එමෙන් ම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් බැංකු පද්ධතියේ තැන්පතුවලට හෝ දැනට බැංකු තැන්පතු සඳහා ගෙවන කිසිදු පොළියකට බලපෑමක් ඇති නොවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us