දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරියට කළොත් ආර්ථික වර්ධනය වෙනවා - හර්ෂ ද සිල්වා

Published in පුවත්
Sunday, 25 June 2023 20:11

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත් ණය කපා හැරීමක් සිදු නොවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (25) කොළඹදී අවධාරණය කළේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළ යුතුයැයි විපක්ෂයේ මතය වුවත් එය සිදුකළ යුතුම තත්ත්වයක් තිබෙන්නේ නම් එය රටට උපරිම සහනයක් ලැබෙන සේ කළ යුතු බවත් එවැනි අවස්ථාවක සහයෝගය ලබාදීමට ගැටලුවක් ඇති නොවන බවත් මෙහිදී හෙතෙම අවධාරණය කළේය. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිවැරදිව සිදුකළහොත් එයින් දැනට භාණ්ඩාගාර බිල්පත්වල තිබෙන අවධානම් පොලී ප්‍රතිශතය අඩුවී එය පොලී අනුපාත අඩුවීමටද හේතුවක් වනු ඇති බවයි. එවිට, දැනට සංකෝචනය වී ඇති ආර්ථික කටයුතු පුළුල් වීමට අවස්ථාවක් ලැබෙන බවත් මේ මොහොතේ එය අත්‍යවශ්‍ය දෙයක් බවත් ඔහු පැවසීය.

මෙවැනි ආර්ථික කටයුතු පුළුල් වීමක් ව්‍යාපාරිකයින් ඇතුළු මෙරට සියළුම පුරවැසියන්ට අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඉදිරියේදී මුදල් කමිටුව හමුවට පැමිණෙනු ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විශ්වාසය පළ කළේය.

කෙසේ නමුත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළුව විප්කෂයේ පක්ෂ එකමුතුව පසසුගිය කාලය තුළ පවසමින් සිටියේ කිසිසේත්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකළහොත් බැංකු පද්ධතිය කඩා වැටී විශාල ව්‍යවසනයක් සිදුවන බවය.ඒ නිසා ඊට ඉඩ නොදෙන බවත්ය.

පසුගියදා මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සහතිකකර කියා සිටියේ කිසිසේත්ම ණය කපා හැරීමක් සිදු නොවන බවත් එය දේශීය ණය ප්‍රශස්ථකරණයක් පමණක් වන බවත්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us