Cardano මත පදනම් වූ ලොව ප්‍රථම විද්‍යුත් වාහන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ වේ  

Published in පුවත්
Tuesday, 24 January 2023 12:55

ලෝක වෙළඳපොලවල් කඩා වැටෙන තත්වයන් හමුවේ වුව එය නොතකා blockchain සහ cryptocurrency වෙළදාම අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතී. ප්‍රකට cryptocurrency වේදිකාවක් වන Cardano (ADA ) ජාලය විදුලි වාහන (EVs) නිෂ්පාදය කෙරෙහි යොමුව ඇති අතර ඔවුන්ගේ ප්‍රථම විද්‍යුත් වාහන (EV) ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ හි දියත් කිරීමට නියමිත බව නිවේදනය කර ඇත.

Cardano හි නිර්මාණය කරන ලද පළමු මෝටර් රථ ව්‍යාපෘතිය වන eTukTuk ශ්‍රී ලංකාවෙහි දියත් කිරීමට ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වූ ලෝක ආර්ථික සමුළුවේ (WEF) දෙවන දිනයේ නිවේදනය කරන ලද බව ජනවාරි 18 වන දින ප්‍රකාශයට පත් කරන ලද CityAM හි වාර්තාව පෙන්වා දෙයි.

eTukTuk ව්‍යාපෘතිය

විශේෂයෙන්ම, නව්‍ය, තිරසාර, සහ “ගතික, බහු ආදායම් ආකෘතියක්”(dynamic, multi-revenue model) ගොඩනැගීම මගින් පරිමාණයෙන් EVs දියත් කිරීම කලින් බාධාවන්ව තිබූ යටිතල පහසුකම් සහ පිරිවැය ගැටලු විසඳීම ව්‍යාපෘතියේ අරමුණයි. එය Cardano හරහා eTukTuk හි ආරෝපණ මධ්‍යස්ථාන සහ EV ජාලය පුළුල් කිරීම දිරිමත් කරනු ඇත.

වාර්තාවට අනුව, eTukTuk කණ්ඩායම දැනට මාර්ගවල සම්ප්‍රදායික අභ්‍යන්තර දහන එන්ජින් (ICE) TukTuk මිලියන 1.2 ක් පවතින ශ්‍රී ලංකාවේ ප්‍රධාන කර්මාන්ත හවුල්කරුවන් සහ පළාත් පාලන ආයතන සමඟ කටයුතු කරනු ඇත. එහි අරමුණුවලට අනුකූලව, eTukTuk ශ්‍රී ලංකාවේ මාර්ගවල මෙම සාම්ප්‍රදායික ICE වාහන සංඛ්‍යාව අවමකර, වායු දූෂණය අවම කිරීම සහ යටිතල පහසුකම් සැපයීම සහ “පොසිල ඉන්ධන සමඟ අපව බැඳ තබන සබඳතා බිඳ දමන දැරිය හැකි ප්‍රවාහන ජාලයක්” සැපයීම අරමුණු කරයි.

අකාර්යක්ෂම ICE TukTuks වලින් 70% ක් පදනම් වී ඇති ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මෙසේ පැවසුවාය.

“eTukTuk විසඳුමට කොළඹ පුරා සහ ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව පුරා ආර්ථික වෙනසක් ඇති කිරීමට හැකියාව ඇත. වත්මන් TukTuk රියදුරන්ට eTukTuk සපයන දැරිය හැකි සහ තිරසාර විසඳුමක් අවශ්‍ය වේ - එය ඔවුන්ගේ නිවසට ගෙන යන ගෙවීම, ආරක්ෂාව සහ පරිසරය ඔවුන්ගේ සැලසුම්වල ප්‍රමුඛස්ථානයේ තබන එකක්.

Cardano හි වෙළඳපල ප්‍රාග්ධනීකරණය දැනට ඩොලර් බිලියන 11.65 ක් වන අතර, එය මෙම දර්ශකය මගින් අටවන විශාලතම ගුප්තකේතන මුදල (cryptocurrency) වර්ගය වේ.

Last modified on Tuesday, 24 January 2023 13:43

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us