බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡාවක් ඊයේ අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

කොළඹ නගරය ආශ්‍රිතව වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

ගොවි බිමටම ගොස් වී මිලදී ගැනීමේ මසක ජාතික ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු 8 වනදා සිට අප්‍රේල් 7 වනදා දක්වා මෙය ඇරඹේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව රාජපක්ෂ හිතවාදී වෙබ් අඩවියක් වන ලංකා සී නිව්ස් සඳහන් කරයි.

සති දෙකක් තුළ සිදු කළ වැටලීම්වලින් වැඩි මිලට සහල් විකිණු වෙළෙඳුන් 1000 කට අධික සංඛ්‍යාවකට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි.

කොවැක්ස් යාන්ත්‍රණය යටතේ ‌මෙම මස 7 වැනිදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත කොවිඩ් එන්නත් දෙලක්ෂ හැටහතරදහසක් (2,64,000) වයස අවුරුදු 60 ඉක්මවූවන්ට පමණක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළසිරුරු ඉරණතිව් දුපතේ භූමදානය කිරීම සඳහා රැගෙන යෑමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාව නිකුත්කර තිබේනවා.

ld add copy

Connet With Us