උතුරුමැද පළාතේ පැතිරීයන රෝග රැසක් !

Published in පුවත්
Thursday, 02 November 2023 12:16

වියළි කාලගුණික තත්ත්වය අවසන් වීමත් සමඟම උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රිකයේ ඇතැම් ගම්මානවල වෛරස් රෝග සීග්‍රයන් පැතිරෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව ඇස් රෝග පැතිරීම හා කුඩා ළමුන් හට වම, උණ වැනි රෝග වැලදී ප්‍රථිකාර ලබා ගැනීමට, රජයේ රෝහල් වෙත හා පුද්ගලික වෛද්‍ය ප්‍රථිකාර අංශ සඳහා රෝගින් බහුලව පැමිණෙන බව වෛද්‍යවරුන් පවසයි.

එවැනි රෝග ලක්ෂණ සහිත පාසල් දරුවන් හා වැඩිහිටියන් වෛද්‍යවරයෙකු වෙත යොමු වී තම නේවාසික ප්‍රථිකාර ලබා ගැනීම සුදුසුම ක්‍රියාව බවත් එසේ එම රෝගය වැලදී සමාජයත් සමග ගැටීමෙන් රෝගය තව තවත් සමාජගත වීම කඩිනමින් සිදු වන බවත් මේ වන ව්ට මෙම තත්ත්වය වසංගත තත්ත්වයකට පැමිණ නොමැති බවත් ඒ පිළිබඳ අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවත් උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය පාලිත බණ්ඩාර පැවැසීය.

එහිදී අදහස් දැක්වූ උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය පාලිත බණ්ඩාර ,

මට පොළොන්නරුවේ හා අනුරාධපුර දිස්ත්‍රීක් සෞඛ්‍ය කම්ටු දෙකෙන්ම ඒ ලිළිබඳව දැණුවත් වීමක් සිදු කරලා නෑ. සාමාන්‍ය දෙයක් වෛරස් එකක් කියන්නේ. ඒක අධි වසංගත තත්ත්වයකට පරිවර්තනය වෙනවානම් මේ දිස්තික් දෙකම මාව දැණුවත් කරනවා. දැන් හෙම්බිරිස්සාවක් , කැස්සක හැදෙන එක සාමාන්‍ය වෛරසයක්නි. ඒ නිසා එවැනි වෛරස් වැලදෙන්න පුලුවන්. අනිසි බියක් අති කරගන්න අවශ්‍ය නෑ ජනතාව. නමුත් නිවැරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂා වීම වැදගත්යැයි පැවැසූහ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us