වසර ගණනාවක් පැවති තේ වගාවේ පොහොර ගැටලුවත් විසදේ !

Published in පුවත්
Thursday, 02 November 2023 11:50

වසර කිහිපයක් තිස්සේ තේ වගාව සම්බන්ධව පැවැති පොහොර ගැටළුවට විසදුමක් ලෙස රජයට අයත් සමාගම් විසින් නිෂ්පාදනය කරන මිලටම පොහොර ලබා දීමට එකඟත්වය පළ වී තිබෙනවා.

මෙම එකඟත්වය පළ වී ඇත්තේ තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර සහන මිලකට ලබා දෙන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ ස්වාධීන සංගමය ඊයේ (01) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදීය.

ඒ අනුව අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම් දෙකක් වන ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය ජගත් පෙරේරා සමඟ සාකච්ඡා කරනු ලැබු අතර ඉන් අනතුරුව අදාළ සමාගමේ සභාපතිවරයා මෙම ඉල්ලීමට එකගත්වය පළ කර ඇති බවයි සදහන් වන්නේ.

ඒ අනුව වසර කිහිපයක් තිස්සේ තේ වගාව සම්බන්ධව පැවැති පොහොර ගැටළුව විසඳෙන අතර ඒ සම්බන්ධව පියවර ගැනීම පිළිබඳව තේ කර්මාන්තකරුවන්ගේ සංගමය අමාත්‍යවරයාට කෘතඥතාවය පළ කර තිබේ.

එමෙන්ම කෘෂිකාර්මික අංශයට පොහොර සැපයීම සඳහා ඉදිරිපත් වන කවර ආයතනයකට වුවද අවසර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා තේ කර්මාන්තය සඳහා අවශ්‍ය වන පොහොර සම්පාදනයට ඉදිරිපත් වන්නේ නම් තේ කර්මාන්තකරුවන්ගේ සංගමයට ඊට අවසර ලබා දිය හැකි බවද සඳහන් කළා.

රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් දැනට තේ, කුරුඳු, පොල් ඇතුළු වැවිලි බෝග වර්ග සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් නිෂ්පාදනය කරනු ලබන අතර මෙම පොහොර තේ වගාව සඳහා ඉතා උචිත වන බව සදහන්.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us