ක්ෂණික කෑම නිසා රෝගී වන දරුවන් ප්‍රතිශතය ඉහළට !

Published in පුවත්
Thursday, 02 November 2023 18:19

පාසල් දරුවන් අතර කෘෂභාවය සහ අධිබර වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනය කර තිබේ.

ඊට හේතුව ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දරුවන්ගේ ආහාර පරිභෝජන රටාව ඊට හේතු වී ඇති බවයි . පසුගිය වසරට සාපේක්ෂව දරුවන්ගේ කෘෂභාවය සහ අධිබර වැඩිවීම දක්නට ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණය කර සිටියි.

කෙසේවෙතත් මාතෘ හා ළමා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා පැවසුවේ, ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි දැනුමක් දරුවන්ට ලබාදීම සඳහා නව චක්‍රලේඛ සකස්කර ඇති බවයි.

එමෙන්ම දරුවන් ආහාරයට ගන්නා ක්ෂණික ආහාර මෙයට ඉවහල්වන බැවින්, මේ සදහා පාසල් ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ගේ සැලකිල්ල අත්‍යවශ්‍ය බවත් වෛද්‍යවරිය විසින් පෙන්වා දුන්නාය. එමෙන්ම මෙහි දී පාසල් දරුවන් ගේ ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කල යුතු අතර දරුවන්ගේ පෝෂණය නගා සිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බවත් ඇය සදහන් කර තිබේ.

 

-RS

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us