කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල නොවන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාසයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.

පැවැති ආණ්ඩුව මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කිරීමට බව කියමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 28ක මුදලක් අවභාවිත කර ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

පසුගිය රාජපක්ෂ අාණ්ඩුව විසින් යුද්ධය වවාගෙන කෑ බවත් හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යුද්ධය ආරම්භ කරනු ලැබුවේද කොමිස් ගසා බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද(24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ජූලි 7 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (24) නියෝග කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ වලින් දුරකථන අංක කිහිපයක් හා ඒවා භාවිතා කරමින් ඇමතුම් ලබාගත් ජංගම දුරකථන 22ක් ගැන තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකාවේ චෙක් ජනරජ තානාපති Miloslav Stasek අතර හමුව ඊයේ (23) පෙරවරුවේ අමාත්‍යාංශයේ දී පැවැත් විණි.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පනතක් සම්මත කරන බවට වත්මන් ආණ්ඩුව පොරොන්දු වුවද එම පොරොන්දුව ඉටු නොකළ නිසා වෘත්තීය සමිතිවලද දායකත්වයෙන් සකස් කල පනත් කෙටුම්පතක් අජිත් කුමාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහෙත් එය විවාදයට නොගෙන ප‍්‍රමාද කර අතහැර දමන කුමන්ත‍්‍රණයක් කැබිනට් මණ්ඩලය තුළ ක‍්‍රියාත්මක වන බව පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති පවසයි.

කොළඹ නගරයේ පදික වේදිකා අසූචිවලින් පිරී ඇති බව විමල් වීරවංශගේ වෙබ් අඩවියේ පුවතක් පල කර තිබේ. විශේෂයෙන්ම එම සොයා ගැනීම අනුව යාචයන් විසින් කොළඹ පදික වේදිකා වැසිකිලි කැසිකිලි ලෙස යොදාගෙන ඇත.

worky

worky1

ld add copy

Connet With Us