විශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අවබෝධතා ගිවිසුමකට එළඹෙයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉන්දියාවේ ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනය (අමුල් ව්‍යාපාරය) සහ ශ්‍රී ලංකාවේ කාගිල්ස් සමූහ ව්‍යාපාරය, ඉන්දීය ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට ආදාල පාර්ශව විසින් ඊයේ (11) දින අත්සන් කර තිබිණි.

ඊශ්‍රායල - පලස්තීන ගැටුම්වලට මැදි ව අතුරුදන් වී ඇති බව කියන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බටහිර ගාසා ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාරට පවතින වාතාවරණය හමුවේ ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් සිදු කළ දැනුම්දීමකට අනුව එම සංචාරය නතර කිරීමට සිදු ව තිබේන බව වාර්තා වේ.

නාගරික ප්‍රදේශවල ගස් සිටුවීමේදී ප්‍රමිතියකින් යුත් පැළ යොදාගැනීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

පාර්ශ්ව දෙකක් විසින් සුරතල් සුනඛයකුට අයිතිවාසිකම් කියා සිටීම හේතුවෙන් එම සුනඛයාගේ ජාන පරීක්ෂණයක් සිදු කර වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා පොලිසියට පෙරේදා (10) නියෝග කළේය.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) සිදු විය.

මේ දිනයන්හි දරුවන් අතර පැතිරෙන ඇස් රතු වීමේ වයිරසය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හදන වයිරසය නිසා බෝ වන්නක් විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ld add copy

Connet With Us