කර්මාන්ත උදෙසා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව  Industry TV ඇරඹේ

Published in පුවත්
Tuesday, 21 November 2023 19:36

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රටතුළ ගොඩ නැංවීම අරමුණු කරගනිමින් කර්මාන්ත අමාත්‍යංශය සමග එක්ව කටයුතු කරන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය , කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අනාගතවාදී සංකල්පයකට අනුව කර්මාන්ත වෙනුවෙන් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් රූපවාහිනි නාලිකාව ලෙසින් Industry TV රූපවාහිනි නාලිකාව, World Television Day ( ලෝක රූපවාහිනි දිනය ) යෙදෙන අද දින ජනගත කරන ලදී.

එහි සමාරම්භක උත්සවය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්හේන්ගොඩ ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේදී පැවැත්විණ.

Peo TV අංක 130 ඔස්සේ විකාශය සිදුවන Industry TV නාලිකාව Your Winning Line ( ඔබේ ජයග්‍රහණයේ රේඛාව ) යන තේමාවෙන් ක්‍රියාත්මක වෙයි. අද (නොවැම්බර් 21 වෙනිදා) සිට නොවැම්බර් 30 දක්වා හදුන්වාදීමේ විකාශය ක්‍රියාත්මක වන අතර දෙසැම්බර් 1 වෙනිදා සිට කර්මාන්ත ක්ෂේත්‍රය මුල්කොට ගත් Industry News , කර්මාන්ත කතා , වැඩබිම් රසෝඝය, Plus Mind , Help Desk , ව්‍යවසායකත්ව රජ දරුවෝ , Industrial Zone , Money Talk , I Book , Brands , Investor Pool , Metal World , Tea Life , Plantation World , Travel Bazar , ව්‍යාපාරික ශක්ති , Business Clinic , Industry Frame ආදි විවිධ වැඩසටහන් වර්ග 40 ක් Industry TV නාලිකාව තුළ විකාශය සදහා අන්තර්ගත වෙයි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා රටක් සංවර්ධනය වීමට නම් ශක්තිමත් හා ස්ථාවර කර්මාන්ත පද්ධතියක් රටේ තිබිය යුතු බවත් ඒ සදහා නව කර්මාන්ත සංස්කෘතියක් අප රට තුළ බිහිකිරීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව පැවසීය.

දේශීය අංකුර ව්‍යවසායකයන්ට මග පෙන්වීම උදෙසා ව්‍යවසායකයින් සදහාම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තිරසර ව්‍යවසායක සංවර්ධන ප්‍රවේශය ( SEDA) විසින් සකස් කළ Start up හා Scale up නමින් පුහුණු අත්පොත් 2 ක් එළිදක්වන ලද අතර ව්‍යවසායකයින් සමාජයීයව අභිමානයට ලක්කිරීමේ ජාතික වැඩසටහනට ආරම්භය තබමින් ලංකාවේ ප්‍රථම වරට දේශීය ව්‍යවසායකයින් සදහා සහතිකයක්, වෘත්තීය හැදුනුම්පතක් හා වාහන අවසරපත්‍රයක් (Car pass ) ලබාදීමත් අද දින සිදුකරන ලදී.

එසේම 2023 ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළෙලට සදහා ව්‍යවසායකයින් 4000 ක් අතරින් සම්මාන සදහා ව්‍යවසායකයින් 300 දෙනෙක් තෝරාපත්කර ගත් ගෞරවණීය විනිශ්චය මණ්ඩලය සදහා ඇගයීම් සම්මාන ප්‍රදානය කිරීමද කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතින් සිදුවිය. එයට අමතරව ලෝකයේ නව තාක්ෂණය සිය නිෂ්පාදන වෙත යොදා ගනිමින් මෙරට නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දායකත්වය දැක්වූ කර්මාන්තායතන ඇගයීමද මෙහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, SLT PEOTV ප්‍රධාන විධායක නිළධාරි රුචිර වීරකෝන් , Industry TV නාලිකා ප්‍රධානී දිනේෂර පුංචිහේවා , අමාත්‍යාංශ නිලධාරීන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, ව්‍යවසායකයින්, අනුග්‍රාහක ආයතන වල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

402128155 363528196245291 7786246211206084846 n402054363 363527832911994 315823211484213009 n405014091 363529846245126 4003164868805810268 n

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us