පරාජය කරන බව කිව්ව අයත් අය-වැය වැඩි ඡන්ද 45කින් දිනවයි Featured

Published in පුවත්
Tuesday, 21 November 2023 20:16

අයවැය පරාජය කරන බවට ආණ්ඩු පක්ෂය නියෝජනය පොදුජන පෙරමුණේ ඇතැමුන් පසුගිය දිනවල සැර කතා කියමින් සිටියද ඔවුන්ගේම ඡන්දයත් ඇතුළුව 2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අය-වැය) දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදි අද (21) සම්මත විය.

අද ප.ව 6.00 ට පමණ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 77ක් පමණි.

අය-වැය යෝජනා විවේචනය කරමින් සිටි නාමල් රාජපක්ෂ ඊට විරුද්ධව හෝ ඡන්දය පාවිච්චි කිරීම මඟ හැර තිබිණි. මේ ගැන නාමල් රාජපක්ෂ පවසා තිබුණේ අය වැය පරාජය කිරීමේ වගකීම ඇත්තේ විපක්ෂයට නමුත් ඔවුනට එසේ අයවැය පරාජය කිරීමේ උවමනාවක් නැති බවය. එමෙන්ම ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරයකු ලෙස අයවැයේ වැරදි හා දුර්වලතා පෙන්වා ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමට කටයුතුකිරීම තමන්ගේ යුතුකමක් බවත්ය.

2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 14 සිට අද (21) දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.

මේ අනුව කාරක සභා අවස්ථා විවාදය හෙට (22) සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19 ක් පැවැත්වේ. මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා ප.ව 6.00 ට පැවැත්වීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us