2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) මිරාන් ධනංජය සහ තොග පාලක සුජිත් වසන්ත කුමාර යන නිලධාරීන් සිවුදෙනා ලබන 29 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඊයේ (20) නියෝග කළාය.

සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

ලොව පුරා සිටින මිලියන ගණනක රසික ප්‍රජාවකගේ ආදරය හිමි  'Nas Daily'   මෙරටට පැමිණ තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ජල සම්පාදන අංශයේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වලට දීර්ඝ කාලයක සිට බලපා ඇති වන අලි උවදුර අවම කරලීම ගතයුතු ක්‍රියාමාර්ග සහ වන ජීවී බල ප්‍රදේශ හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද ( 20) දින පැවැත්විය.

ඇඟළුම් කර්මාන්තශාලාවල සේවකයන් සේවයට නොකැඳවා මූලික වැටුපෙන් අඩක් පමණක් ගෙවා මාස ගණන් නිවෙස් වල තබා ඇති බව නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය සඳහන් කර ඇත.

දිවයිනට පැමිණ සිටින චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් මහත්මිය ඇතුළු පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (20) පැවැත්වේ.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us