එළැඹෙන ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසැකවම තරඟ කරන බවත් එහෙත් මේවන විට ගන්නා තීන්දු තීරණ මැතිවරණයක් ඉලක්ක කරගැනීමකින් තොරව ආර්ථිකයේ සහ ජනතාවගේ යහපත උදෙසා අනාගත දැක්මත් මත පදනම්ව ගන්නා බවත් මනූෂ නානායක්කාර  පැවසීය.

බදු එකතු කරගැනීමේ පහසුව වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ශ්‍රී ලංකාව තුළ ඊ-ඉන්වොයිස් ක්‍රමයක් (e-invoice system) හඳුන්වා දීමට යෝජනා කර ඇති අතර එමඟින් මෙම වසර තුළදී රුපියල් දී බිලියන 2,024 ක ආදායමක් ලැබීම අපේක්ෂා කරයි.

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රටින් පිටවීම ඊයේ (12) තහනම් කළේය.

ජාතික ආරක්ෂාවට සෘජුවම හෝ වක්‍ර ආකාරයෙන් තර්ජනයක් විය හැකි ත්‍රස්තවාදි හා අන්තවාදි ක්‍රියාකාරකම්ම දැනුම්දීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 118 දුරකතන අංකයට ලබාගන්නා තොරතුරු පුළුල් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි.

පාරිභෝගික පැමිණිලි විමර්ශනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (11) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්ධමන දර්ශකවල ධනාත්මක ප්‍රවණතා පෙන්වා දුන් ජපාන මුදල් අමාත්‍යවරයා එම ප්‍රගතිය ශ්‍රී ලංකාවට උදා කර ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා බව සඳහන් කළේය.

ld add copy

Connet With Us