විදුලි ගාස්තු ඉහළ ගිය විට භාණ්ඩ වල මිල ඉහළ දැමීමට ව්‍යාපාරිකයන් දැක්වූ උනන්දුව මිල පහළ දැමීමේ දී නැහැ - කංචන

Published in පුවත්
Thursday, 07 March 2024 14:17

විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්‍ෂව භාණ්ඩ හා සේවා මිල අඩු කළ යුතු බවවිදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර  අද (7) පැවසීය.

එසේ භාණ්ඩ හා සේවාවල මිල පහළ දැමීමට ව්‍යාපාරිකයන්ට බලපෑම් කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ජනාධිපති මාධ්‍ය ඒකකයේදී අද (7) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මෙ බව පැවසීය.  

විදුලි ගාස්තු ඉහළ ගිය අවස්ථාවලදී භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන් ඇතුළු පොදු සේවා ව්‍යාපාරිකයන් දැක්වූ උනන්දුව මිල පහළ දැමීමට නොමැති බවත් විදුලි ගාස්තු පහළ දැමීමේ වාසිය අනිවාර්යෙන්ම ජනතාවට ලැබිය යුතු බවත් අමාත්‍යවරයා කීය.

විදුලි ගාස්තු අඩු කිරීමට පෙර ආපනශාලා හිමියන් ආහාර මිල ඉහළ දමන්නේ යැයි කළ ප්‍රචාරය මිල පහළ නොදැමීමට කළ උපක්‍රමයක් බව කී අමාත්‍යවරයා ඉන් පසුව එම වැඩි කළ මුදල අඩු කළේ යැයි පෙන්වීම ඔවුන්ගේ උපක්‍රමය වූ බව ද සඳහන් කළේය.

ආපනශාලාවල ආහාර මිලේ එවැනි අඩු කිරීමක් කෙසේවත් ප්‍රමාණවත් නොවන බවත් ආපනශාලා සහ කොමිනිකේෂන් ආදි ඇතුළත් පොදු කාර්ය කොටසේ විදුලි ගාස්තුව සියයට 24 කින් අඩු කළ බවත් ඒ මහතා කීය.

ඒ අනුව ඡායාපිටපතේ සිට පොදු කාර්ය ගණයට ගැණෙන භාණ්ඩ හා සේවාවල ගාසතු අඩුවිය යුතු බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර  වැඩි දුරටත් සඳහන් කළේය. 

Last modified on Thursday, 07 March 2024 14:18

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us