සුළු වැරදි සඳහා වැරදිකරුවන් වන පුද්ගලයින් බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ අද (04) මෙරටට පැමිණීමට නියමිතයි.

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දෙන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් පවසයි.

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ද අඩු කර තිබේ.

ld add copy

Connet With Us