ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ තෙවැනි වාරිකය ලබන වසරේ (2025) මුල් කාර්තුවේදී ලැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර තිබේ.

සමඟි ජන බලවේගයට අවශ්‍යව තිබෙන්නේ ඔළුගෙඩි එකතු කිරීමක් මිස ඔවුන්ට දැන් ප්‍රතිපත්තියක්,ස්ථිර දේශපාලන ගමන් මඟක් නොමැති බව ජනාධිපති ධූර අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මහතා පවසයි.

සමගි ජන බලවේගයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කල විජයමුණි සොයිසා අද (10) දිනයේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය
කර ඇතැයි වාර්තාවේ.

මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය ඔක්තෝබර් 01 වනදා සිට වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව විසින් අද (10) උදෑසන නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරි ජනාධිපතිවරණයේ සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට වන ලිපියක් සමාජ ජාලවල හුවමාරු වෙමින්  තිබේ.

ld add copy

Connet With Us