පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

එළඹෙන 19 වනදා සිට නැවත වෘත්තීය ක්‍රියාමර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ්  පවසයි.

නිරූපණ ක්ෂේත්‍රයට බඳවාගන්නා බවට මුහුණු පොතේ දැන්වීම් පළ කරමින්  තරුණියන් හෝටල් කාමර වෙත ගෙන්වාගත් නුවර රජවැල්ලේ හොර වෛද්‍යවරයෙකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට ක්ෂය රෝගීන් වාර්තා වීම සියයට 14කින් ඉහළ ගොස් තිබෙන බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිසායා කාදර් මහත්මිය සඳහන් කළාය.

2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති වත්මන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ආකාරයටම ඉදිරි ජනාධිපතිවරණයට ද එජාප පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව තම භූමියේ චීන හමුදා කඳවුරක් පිහිටුවීමට සැලසුම්කර ඇති බවට එක්සත් ජනපද බුද්ධි අංශ විසින් මෑතදී කරන ලද ප්‍රකාශයන් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ.

ld add copy

Connet With Us