සජබයට අවශ්‍ය ඔලුගෙඩි එකතු කරන්න, ඔවුන්ට ප්‍රතිපත්තියක්,ස්ථිර දේශපාලන ගමනක් නෑ - ෆොන්සේකා

Published in පුවත්
Saturday, 10 August 2024 14:09

සමඟි ජන බලවේගයට අවශ්‍යව තිබෙන්නේ ඔළුගෙඩි එකතු කිරීමක් මිස ඔවුන්ට දැන් ප්‍රතිපත්තියක්,ස්ථිර දේශපාලන ගමන් මඟක් නොමැති බව ජනාධිපති ධූර අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මහතා පවසයි.

තමන් සමඟි ජන බලවේගයේ සෑම අස්සක් මුල්ලක් නෑරම දන්නා හෙයින් නිවැරදි විය යුතු තැන නිවැරදි වන්නේ නම් ගැටළුවක් නොමැති බවත් එලෙස වෙනස් වුවහොත් ඝට්ටනයක් ඇත නොවිය හැකි බවත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එහෙත් විශේෂයෙන් එම අඩුපාඩු හදා ගැනීමට සජබ නායකයාට වුවමනාවක් ඇති බවක් පෙනෙන්නට නැති බවයි ඔහු කියාසිටින්නේ.

සමඟි ජන සන්ධානය වුවද හරියට කන්දක් විලිලා මී පැටියෙක් බිහිවූවා වැනි දෙයක් සිදු වූ බවත් එහි අලුත් දෙයක් නොතිබුණු අතර පොහොට්ටුවෙන් ගැලවී ආ ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස් ඇතුළු 10ක් පමණ සිටි බවද ෆොන්සේකා මහතා සඳහන් කරයි.

නමුත් ඔවුන් දිගටම සජබය තුළ රැඳෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් මහ මැතිවරණයකදී ඔවුන් වෙනස් විය හැකි බවත් පවසන ෆොන්සේකා මහතා තවදුරටත් කියාසිටින්නේ එහි ලොකු දෙයක් නොවුණත් විශාල ප්‍රසිද්ධියක් දුන් බවයි.

 

LNW

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us