IMF සහය ලැබෙන්නේ ගිවිසුම අනුව කටයුතු කරන පාලනයකින් පමණයි. වෙනස් කොළොත් යළි අර්බුදයක්.  

Published in පුවත්
Sunday, 11 August 2024 12:12

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ තෙවැනි වාරිකය ලබන වසරේ (2025) මුල් කාර්තුවේදී ලැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.

තෙවැනි වාරිකය දීමට අදාළව ජනාධිපතිවරණයෙන් පසුව සමාලෝචනය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පැවැසීය.

කෙසේ නමුත් තෙවැනි වාරිකය ලැබීමට නියමිත කාලය ප්‍රකාශ කිරීමට සිදුවන්නේ එම සමාලෝචනයෙන් අනතුරුව බවද ඔහු කීවේය.

අදාළ සමාලෝචනයෙන් අනතුරුව වාරිකය නිදහස් කිරීමට යම් කාලයක් ගතවන බැවින් බොහෝ විට තෙවැනි වාරිකය ලබන වසරේ මුල් කාර්තුවේදී ලැබෙනු ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ ය. මේ අතර කවුරු කෙසේ කීවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට දෙන විස්තීර්ණ අරමුදල් පහසුකම්වලට අදාළ යෝජනා වෙනස් කිරීමට නොහැකි බව දැනුම් දී ඇතැයිද හෙතෙම පැවැසීය.

තවද එම යෝජනාවන් වෙනස් කරන්නේ නම් විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනෙන් ඉවත්වීමට සිදුවන බව ද එලෙස යෝජනා වෙනස් කළහොත් ණය හිමියන් සමග ශ්‍රී ලංකාව ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සියල්ල අවලංගු වන බවද ඔහු කීවේය. එසේ වුවහොත් රට යළි අවදානම් තත්ත්වයකට පත්වන බවත්, ඇතැමුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා වෙනස් කළ යුතු බව කියන්නේ අර්බුදයකට අත වැනීමට බවත් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග එළැඹ ඇති මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දශම නවයක් (2.9) අවස්ථා හතරකදී දීමට නියමිතය. අදාළ ණය මුදලේ වාරික 2 ක් මේ වන විට ශ්‍රී ලංකාව ගෙන ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 667 කි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us